අතදරුවාට කිරි පැකට්ටුවක් ගන්න නෙළුම් අල හාරයි.. කෑම නැති නිසා අනෙක් දැරිය පාසැල් නොයයි…

September 21, 2022 at 1:20 pm | lanka C news
අතදරුවාට කිරි පැකට්ටුවක් ගන්න නෙළුම් අල හාරයි.. කෑම නැති නිසා අනෙක් දැරිය පාසැල් නොයයි…

මවට මව්කිරි නොඑරීම නිසා වෛද්‍යයවරුන් විසින් මාස එකහමාරක ළදරුවාට නියම කරන ලද කිරි පැකට්ටුව මිලදී ගැනීමට මුදල් නොමැතිකම හේතුවෙන් එම මුදල් සොයා ගැනීමට යුවලක් විසින් නෙළුම් අල හාරන පුවතක් දිඹුලාගල දළුකාන ප්‍රදේශයෙන් වාර්තා වේ.

දලුකාන වැව අසල තිබෙන වලක නෙළුහ් අල හාරා ඉන් ලබා ගන්නා මුදලින් කිරි පැකට්ටුවක් ලබාගන්නා බව මව සහ පියා කියා සිටිති.

පියා කුලීවැඩ රැකියාවේ නිරත වූවෙකු වන අතර දැනට මාස කිහිපයකට පෙර ඔහු පලංචියක ඇද වැටී ආබාධිතව සිටි නිසා වෙනත් රැකියාවක් කර ගැනීමටද නොහැකිය.

6 වසරේ ඉගෙනුම ලබන දොළොස් හැවිරිදි අනෙක් දැරියද දින කිහිපයක් පාසල් යැවීමට නොහැකි වූයේ ඇයට කෑම බීමක් ලබා දීමට නොහැකි වූ නිසා බව ද මව සඳහන් කරයි.

36,464 views

24 Comments to “අතදරුවාට කිරි පැකට්ටුවක් ගන්න නෙළුම් අල හාරයි.. කෑම නැති නිසා අනෙක් දැරිය පාසැල් නොයයි…”

  1. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    මැති ඇමති තුමන්ලාගේ ඉන්ධන දීමනාව වාහාම වැඩි කරව්!

  2. Velusumna says:

    Loken utum rata lankawaye Sri lankawaye jayawewa phottuwata eka tamaye hondatama kare

  3. ජෙප්පා says:

    දැන් ඉතින් නිවුස් එක දැකපු සමාජවාදී පක්ශය විසින් පක්ශ අරමුදලේ ඇති බිලියන 7න් සුලු මුදලක් වියදම් කර කිරි පැකට් එකක් අරන් දෙයි.

  4. සම්බන්ධ කරන්න පුලුවන්ද මෙයාලව..ඉන්න ගෙදරකුත් දෙන්නම්.රස්සාවකුයි දෙන්නම් .0773471744

  5. Lalla says:

    රැකියාව බෝ කිරීම ….. මේක ලොකුම ප්‍රස්නයක්.

  6. Sasrasi says:

    කන්න නැති අය රරජයට දන්වන්න කිව්වා නේ .

Main News