අතරමංව සිටි හදුන් දිවි පැටවුන්ට බලල් මවකගෙන් සෙනෙහස…
October 16, 2018 at 12:40 pm | lanka C news
මස්කෙලිය සමිමලේ ගවරවිල තේ වතු යායේ මවගෙන් වෙන් වි අතරමංව සිටි කුඩා හදුන් දිවි පැටවුන්ට බලල් මවකගෙන් සෙනෙහස ලැබි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් පැවසිය.
එම තේ වතු යායේ කාණුවත් මත මෙම පැටවුන් දෙදෙනා අතරමංව සිටියදි තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් ඊයේ (15) මෙම හදුන් දිවි පැටවුන් තිදෙනා නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට භාර දි ඇත.
සති තුනක් පමණ වයසඇති මෙම හදුන් දිවි පැටවුන් තිදෙනාට නල්ලතන්නිය වනජිවි කාර්යයලයේ සුරතලේට ඇති කල බැලලියක් එම බැලලිය බිහි කල බලල් පැටවුන් තිදෙනාට සහ මෙම හදුන් දිවි පැටවුන් තිදෙනාට එක සේ සෙනෙහස දක්වමින් මව් කිරි ලබාදෙන බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.
එම බැලලිය බලල් පැටවුන් සහ හදුන් දිවි පැටවුන් කිසිවෙකුටත් ඇල්ලිමට පවා ඉඩ ලබානොදෙන බවත්, එම හදුන් දිවි පැටවුන් හොදින් වැඩුණු පසු ඔහුන්ට සුදුසු පරිසරයකට මුදා හැරිමට කටයුතු කරන බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ සහකාර අඩවි වන නිලධාරින් ප්රභෂ් කරුනාතිලක මහතා පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
NoteMother! one and only most wonderful creation of the universe.