අතරමැදියන් ඉවතට.. ගොවියාට ඉහලම මිලක්.. නිෂ්පාදන කෙලින්ම පාරිභෝගික අතට දෙන ඩිජිටල් ක‍්‍රමයක්..

April 30, 2020 at 5:30 pm | lanka C news
අතරමැදියන් ඉවතට.. ගොවියාට ඉහලම මිලක්.. නිෂ්පාදන කෙලින්ම පාරිභෝගික අතට දෙන ඩිජිටල් ක‍්‍රමයක්..

ගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි.

කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළෙඳ, පාරිභෝගික සුබසාධන, වැවිලි හා අපනයන අමාත්‍යාංශ ලේකම්වරු සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරීන් සමග විමර්ශන සාකච්ඡාවක් අද (30) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

වෙළෙඳ, අපනයන, පොහොර ඇතුළු සේවා සැපයුම්, තොග සැපයුම්කරුවන්,තොග ගැනුම්කරුවන්, භාණ්ඩ එකතුකරන්නන්, හෝටල් වැනි මහා පරිමාණ ගැණුම්කරුවාගේ සිට දෛනික පාරිභෝගිකයා දක්වා වූ කෘෂි බෝග අලෙවිකරණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණ.

කෘෂි අස්වැන්න සඳහා ඉහළ මිලක් වෙනුවෙන් ගොවියාට තරග කිරීමේ හැකියාව ලබා දීමටද මින් අපේක්ෂා කෙරේ. පහසු සහ සරල තාක්ෂණය භාවිත කරමින් ඕනෑම අයෙකුට ඩිජිටල් හුවමාරුවට සම්බන්ධවීමේ හැකියාව තිබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. මෙහි අවසන් ප්‍රතිඵලය භව බෝගයෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීම බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, තාක්ෂණය මගින් යා කරමින් ගොවියා සහ ගැනුම්කරුවා පහසුවෙන් සම්බන්ධ කිරීමට ද ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගත හැකිය. එමගින් අතරමැදියාගෙන් ලැබෙන මුදලට වඩා වැඩි මිලක් ගොවියාට ලබා ගැනීමට ද හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රටේ පාරිභෝගික අවශ්‍යතා සමීක්ෂණයට ද මේ ක්‍රමය දායක කරගත හැකිය. මධ්‍යම ගමනා ගමන මණ්ඩලය, දුම්රිය සහ තැපැල් දෙපාර්තමේන්තුවද ඩිජිටල් තාක්ෂණ මෙහෙයුම් ප්‍රවාහන ක්‍රියාවලියට එක් කරගත යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු ද සාකච්ඡාවට එක් වූහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

42,583 Viewers

29 Comments to “අතරමැදියන් ඉවතට.. ගොවියාට ඉහලම මිලක්.. නිෂ්පාදන කෙලින්ම පාරිභෝගික අතට දෙන ඩිජිටල් ක‍්‍රමයක්..”

  1. Wow Great. Many thanks to HE President Gotabaya……….

    • Dilan says:

      Athisareta amuda gahanawa wage …nathuwa….dirga kaalinawa thirasara wisadum gana hithanna…..atharamadiyo nathikarala gowiyan amaruwe daanna epa

    • පරපෝෂිත says:

      අයියෝ අර ICTA එකේ ඉන්න මිහරක් නම් ගාවගන්නෙපා…. ඕකුන් ඇවිත් පොර ටෝක් දීලා අනානවමයි…. කාලකන්නි වසා දේශ ඉන්නවා…පරණ අනාථයි සෙට් එක දාගෙන කොහේ යන්නද මන්දා…

  2. යොවුන් රාණි says:

    ඇත්තෙන්ම හොඳයි. app එකක් හදන්න ගොවියාට වගේම පාරිභෝගිකයා යන දෙන්නටම access කරන්න පුළුවන්. app එක හරහා කෙලින්ම ගනුදෙනුව කතා කරගත්තා, වැඩේ ඉවරයි. similar to ebay, amazon. හැබයි ඕක කීයටවත් කරන්න බහ අතරමැදි තක්කඩි පක්කලි දේශපාලුවන් ට කඩේ යන මුදලාලිලා නිසා. උන් තමන්ගේ සල්ලි සහ බලය පාවිච්චි කරලා ගොවියා වගේම පාරිභෝගිකයාත් අමුමෙන්ම හුරා කනවා. ඒවගේම අර අරලිය සහල්, නිපුන සහල් වගේ මෝල් කාරයොත් මේකෙන් තොලොංචි කරන්න ඕන.

  3. 77 UNP says:

    මුළු රටම ඩිජිටල් කරලා තිබුනානම් ආණ්ඩුවට තිබුණා ජනතාව අතර ගැටළු නැතිව රුපියල් 5000 අදාල අයගේ ගිණුම් වලට දමන්න.

  4. Chathuranga says:

    ඉතාමත් කාලෝචිත තීරණයක්! මෙම ක්‍රමයෙන් ලංකාවේ කෘෂිකාර්මික ශේත්‍රයේ මහා සංවර්ධනයක් කලහැකියි

  5. LION says:

    This is a great Logistics & Supply chain strategy to improve SC integration to create competitiveness and more value to the farmers and the end customers. We can enjoy more advantages in operating this SC model.

    1. Les lead time
    2. Less wastage
    3. Less Material handling
    4. Getting a substantial price for farmers and the end customers
    5. Lees garbage accumulation
    6. Better environmental footprint

  6. RW says:

    Previous government tried to issue tabs to children. It’s good if this government take a decision to continue because it will improve computer literacy among future generations. Mr. Hitan didn’t like it because he has no love for the country. As a computer literate person, our President has to look for new ways to improve the country.

  7. sena says:

    අසරණ ගොවියා ආරක්ෂාකරන හොද ක්‍රියාවක්

  8. sena says:

    අසරණ ගොවියා ආරක්ෂාකරන හොද ක්‍රියාවක්.

  9. R premadasa says:

    Lovely

  10. Arnold says:

    Athi wishistai! Ethama subhai. We can do it like alibaba.

  11. ගාමිණී කරුණාරත්න says:

    ඉතාමත් කෝලෝචිතයි. අතිගරු ජනාධිපති තුමාගෙ අශිර්වාදය තිබ්‍ර්න නිසා මෙය ඉතා ඉක්මනින් කිරීමට පටන් ගන්න.

  12. යොවුන් රාණි says:

    කාලෝචිත පියවරක්. ජයවේවා!

  13. Sura says:

    ගරු ජනාධිපතිතුමනි, කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ කමවේදය.

    වෙහෙස වෙන අහිංසක ගොවීන්ට වත්,
    මිල දී ගන්න පාරිභෝගික ජනතාවට වත් නෙමෙයි, වෙළඳාමෙන් සාධාරණයක් ලබන්නේ නෑ.

    අහක ඉන්න අතරමැදියො තමයි වාසි ගන්නේ, ගොවීන්ගේ දහදිය කඳුළු මැදින්.

  14. Araliya says:

    Ekanam Honda wedak. Pahugiya dawas tikema api inna pradeshayata elawlu gena we atharamadiyan. vikiniya noheki mattame thibu therunu elawLu wedi milata alavi kala.

  15. ලැවොයිසියර් says:

    මේක නම් ඉතාම ශ්‍රෙෂ්ඪ අදහසක්. මෙය සාර්ථක වුණොත් ගොවියාට වෙනදට වඩා හොඳ මිලක් ලැබෙනවා.පාරිභෝගියාටත් වෙනදට වඩා අඩු මිලට භාණ්ඩ ලබා ගන්න පුළුවන් වෙනවා.

  16. අරමුණ ඉතාම හොඳයි. ක්‍රියාත්මක කිරීම අප්‍රමාදව කරන්නේ නම් වඩාත් හොඳයි. ඒත් මේ වගේ හොඳ වැඩ ලත් තැනම ලොප් වෙන අතීතයක් අපේ රටට තියෙන්නෙ.

    • Chinthana says:

      Yes It will happen if the foxes are remain in the parliament again. your duty is to keep away those stupid monkeys such as Mangala, Rajith, Anura, Kiriela,Ravi,

  17. සමන් says:

    බොහොම හොද තීරණයක්! සාර්ථක වේවා!

  18. Liyanage says:

    It’s a great move. I am personally aware that many poor vegetable farmers are suffering as they don’t get a reasonable income as intervening brokers cheat them and obtain undue comis. Hon President Sir, you’ll gain a lot of merits of you would proceed with plan.

  19. Eranda says:

    One Leader, One Vision, One law, One Nation, One Country.
    You make my Mother Land more safer to their people.
    Thanks You So Much Dear President, We all with you.

  20. Sadda says:

    මෙම ක්‍රමය මගින් අතරමැදියන් ඉවත්කර ගොවියා හා පාරිභෝගිකයා සම්බන්ධ කිරීමට තාක්ශනය සම්බන්ධ කිරීම හොදයි .
    ඒ වගේම ගොවියා හා පාරිභෝගිකයා අතර අතරමැදියන් ද පිරිසක් තම ජීවිකාව ලෙස වෙලදාම කරයි. ඔවුන්ගේ ජීවන මාර්ගය කඩා වැටුනහොත් එයද සමාජීය ප්‍රශ්නයක් වනු ඇත.
    ගැටලුව ඇත්තේ ගොවියාගේ නිශ්පාදන අඩු මිලට ගන්න අතරමැදියන් වැඩි ලභයක් ලැබීමය.
    සාමාන්‍යයෙන් වෙලදාමක් වන්නේ නිශ්පාදකයා – තොග වෙලෙන්දා – සිල්ලර වෙලෙන්දා – පාරිභෝගිකයා ලෙසය.
    මේ සිව් පාර්ශවයම ආරක්ශා කරන වැඩපිලිවෙලක් සකස්කරන්නේ නම් වඩා හොදයි .

    • sumith says:

      If necessary, government can fixed a reasonable amount who find the customers and farmers to the the government authorities ,such as 1 rupee per kilo, a fixed rate, until all farmers understand the system.

  21. Love nature says:

    ආසිරි ආසිරි ආසිරි ආසිරි වේ ලංකා

    උතුර නැගෙනහිර බටහිර දකුණද – සිවුදිග එක්වී එකම දැයක් වී

    එක කොඩියේ සෙවන ලබා පෙරටම යමු ලංකා…

    අපි හැම දරුවෝ අපි හැම දැරියෝ – අපි ලක්මවගේ දරුවෝ දැරියෝ

    ඔබගෙ සිනා මල් පොබයා පෙරටමැ යමු ලංකා

    වැස්සට අවුවට පින්නට හුරුවී – දුක සැප එකසේ දැරුවේ තුරුලේ

    විපත පවා සෙතට යොදා පෙරටමැ යමු ලංකා

    වැටුනත් නැගිටින වැටි වැටි නැගිටින – ආයෙත් නැගිටින ඉදිරියටමැ යන

    මහමෙරසේ දිවි මොලවා පෙරටමැ යමු ලංකා

    ආදී මුතුන් කල යෝධ යෝධ වැඩ

    පුළුවනි පුළුවනි අපටත් පුළුවනි

    අපිත් අපේ මහිමය පා පෙරටමැ යමු ලංකා

    අපගේ උරුමය වූ මේ මවුබිම – කරවැමු කරවැමු මනුලොවැ සුරබිම

    දිවිඳු පුදා දියුනැ සදා – පෙරටමැ යමු ලංකා

  22. සරනේලිස් says:

    පහුගිය ආණ්ඩුව ඉස්කෝල ලමයින්ට ටැබ් දෙන්න හදද්දී ඒකට කොච්චරක් නං පද හැදුවද…

    ඩිජිටල් ඇමතියාට බැලුං උඩ යවනවා කිය කියා අවලාද නගලා ඒවා සේරම කඩාකප්පල් කරල දැම්මා..

  23. kings says:

    ඉතාම හොද පියවරක් ගරු ජනාධිපති තුමනි. කෙසේ වෙතහ් රටේ හැම ගොවියෙකුටම මෙවැනි අවස්ථා ලබා දීමට ඔබතුමා වග බලාගන්නා මෙන් ඉල්ලමි. උදාහ්ස්ර්ස්න්ස්යක් විදියට මේ ගිය සතියේ මම රුපවාහිනී එක්තරා නාලිකාවක දු‍ටුවා පොලොන්නරුව ප්‍රදේශය එක් ගොවියෙක් ගස්ලබු අක්කර 15ක් වගා කරල කිසි කෙනෙක් මිලදී ගන්න යන්නෙ නැහැ. ඒ වගේම වැටකොලු අක්කරගානක් කුනුවෙනව. මෙන්න මේ වගේ දේ පිලිබඳව ඔබතුමාගෙ අවදානයත් යොමු විය යුතුයි. ම්ව ගොවියො තමන් ජීවත් වෙන්නයි කොහොමහරි ගොඩ එන්නයි දඟලන්නෙ. අපේ ප්‍රදේශවල ගස්ලබු කිලෝ එක රු 150/= මේ මුදලින් භාගයක් වත් ගොවියට යනව නං හොඳයි නේද? ඔබතුමා ම සිස්ටම් වෙනස් කරන්න හැදුවට නිලධාරීන් කම්ම්මැලියි. නැතිනං ගමකට රජයේ නිලධාරීන් කී දෙනෙක් ඉන්නවද. ග්‍රාම සේවක, වගා නිලධාරී, සමුර්ධි නිලධාරී, කෙ දෙනෙක්ද? මේ අය තමන්ගෙ රාජකාරිය හරියට කරනව නං අද මේ රට කොතරම් ලස්සනද?

  24. sumith says:

    Well done , but make sure that this is going to happen as soon as possible , give dead line to all concern authorities finish the task.

  25. RAW Agent says:

    ඉන්දියාවේ අතිදුෂ්කර පලාත් වල ගොවීන් පවා මේ ක්‍රමයට අපනයනයට පවා
    සම්බන්ධ වෙනවා. ඔවුන් මුලින්ම වාසිදායක මිල ගණන් තිබෙන නගර
    app එකෙන් බලා ගෙන අලෙවිය පටන් ගන්නෙ.
    ඒක ගොඩක් තැන් වල කරන්නෙ මධ්‍යම ආණ්ඩුවෙන් නෙවෙයි. NGO මැදිහත් වෙලා.
    ඒක නිසා හැම තැනටම ඒ පහසුකම නෑ.
    ඒත් කරන තැන් වල සුපිරියට කරනවා.
    e-choupal කියන්නෙ ඒකෙ ජනප්‍රියම උදාහරණය.

Main News