අතහැර දමා ගොස් තිබූ කෙරල ගංජා තොගයක් නාවික හමුදාවෙන් සොයගනී…

June 28, 2019 at 2:06 am | lanka C news
අතහැර දමා ගොස් තිබූ කෙරල ගංජා තොගයක් නාවික හමුදාවෙන් සොයගනී…

තලෙයිමන්නාරම කහටස් පත්‍තිරී ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝ 18.ග්‍රෑම් 900 ක් සමඟ ඩිංගි යාත්‍රාවක් සොයා ගනු ලැබීය.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් තලෙයිමන්නාරම, කහටස් පත්තිරි ප්‍රදේශයේදී සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදි සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරික්‍ෂණය කර ඇති අතර, එහි තිබි මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇත.

අදාල කේරලගංජා තොගය රැගෙන ආ පිරිස් මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එන්නට ඇති බවට නාවක හමුදාව සැක පල කරයි.

සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය සහ අනෙකුත් ධීවර අම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ, පොලිසිය වෙත භාරදීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12 views
Main News