අත්අඩංගුවට ගත් කහ තොග පුච්චන්නේ විෂබීජහරණය කර නැති නිසා..

January 1, 2021 at 6:28 am | lanka C news
අත්අඩංගුවට ගත් කහ තොග පුච්චන්නේ විෂබීජහරණය කර නැති නිසා..

නීති විරෝධීව මෙරටට ගෙන්විමෙන් පසු අත්අඩංගුවට ගන්නා ලද කහ තොග ගිනි තැබීමට කටයුතු කරන්නේ ඒවා විසබීජහරණය කර නොමැති නිසා බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

මෙසේ ගෙන එන කහ තොග ඉන්දියාවේ කුමන ප්‍රදේශයකින් ගෙන එනවා දැයි අනාවරණය නොවන නිසා ඒවා වෙළදපොලට නිකුත් වුවහොත් අවදානම් තත්ත්වයක් ඇති වන බවද ඇමැතිවරයා පැවසීය.

අනවසරයෙන් ගෙන්වා රේගු අත්අඩංගුවට ගන්නා ලද කහ තොග වෙළෙඳ පොළට නිකුත් කිරීමට මීට පෙර තීරණය කර තිබුණ ද එම තොග යළි ආනයනකරුවන් විසින් ම මිලදීගෙන වෙළඳපොළට නිකුත් කළ හැකි නිසා යළි ප්‍රතිඅපනය කිරීමට තීරණය කළ බවද ඇමැතිවරයා කීය.

14,086 views

9 Comments to “අත්අඩංගුවට ගත් කහ තොග පුච්චන්නේ විෂබීජහරණය කර නැති නිසා..”

  1. Vanguwe says:

    Kaha kiyanne visha bija nasaka thamai metto.

  2. Kaha says:

    Kaha visabeeja nasakayak bawa danne nethi minissu. Gon weda karanne.

  3. oba says:

    මේක විහිළුවක්‌.
    මෙරටට ගෙන්වා ඇති අනෙකුත් කහ වලට මේ සතිකය තිබුනාද ?

    ගිනි තබනවා කියා හොරෙන් විකුනනවද?

  4. saman says:

    ඉතාම හොද තීරනයක්, පුච්චලත් මදි.

  5. Priyantha says:

    මුහුදෙන් ගෙනෙන…මාළුත් පුච්චමු…විෂබීජ ඇති..

  6. Niroshan Perera says:

    ලංකාවේ ජනගහනයෙන් 35%-40% පමණ ප්‍රමාණයක් ගොවින්. සාපේක්ෂ ඉහල මිල නිසා වැඩි දෙනෙක් කහ සහ ඉගුරු වගාවට යොමු උනා, නිෂ්පාදනය දැන් ලැබෙමින් පවතිනවා. මේ නිෂ්පාදන දේශීය වන අතර ගුණාත්මක බැවින් වැඩියි.

    ආනයනික කහ වෙළද පොලට ලැබීමෙන් මිල පහල ය හැකි නමුත් මෙයින් දේශීය ගොවින් වගාවෙන් ඉවත් විය හැකියි. මේය ආනයන කරුවන්ට හා ඉන්දියාවට වාසි දායක වෙයි. ආනයනය කිරීමෙන් සුළු පිරිසකට වැඩි ලාභ වන අතර රටට හා බහුතරයක් වන ගොවීන්ට වාසියක් නොවෙයි.

    අස්වැන්න ලැබීමත් සමග මිල ස්ථාවර වීම ඉදිරියේදී නිසැකවම සිදුවේවි. එමනිසා මේ ගත් පියවර නිවැරදිය

  7. Kahakumbura says:

    It appears that these fellows have no idea about the quarantine facility in Katunayake for plants and parts of plants or trying to hide the truth.

  8. Rama says:

    Ammoo hotalayaka piti passata giyoth balanna epai wisha bigiaharanaya karala tiyena widhiya

  9. sita says:

    භූමදානය කරන්ඩ තිබුනානේ.

Main News