අත්අඩංගුවට ගත් කුරුණෑගල දොස්තර වහා නිදහස් කරන්නැයි ඇමති හලීම් දන්වයි..

May 26, 2019 at 3:00 pm | lanka C news
අත්අඩංගුවට ගත් කුරුණෑගල දොස්තර වහා නිදහස් කරන්නැයි ඇමති හලීම් දන්වයි..

අසීමිත දේපල උපයා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලද කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් මහතා ඉක්මනින් නිදහස් කරන්නැයි තමන් ඉල්ලා සිටි බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් මහතා සඳහන් කරයි.

අත් අඩංගුවට ගෙන ඇති වෛද්‍යවරයාගේ බිරිඳද වෛද්‍යවරියක් බවත් ඔවුනට වෛද්‍ය වෘත්තියට වඩා වෙනත් ව්‍යාපාර තිබෙන බවත් නිසා ඔවුනට මුදල් උපයා ගැනීමට හැකියාව ලැබී ඇතැයිද ඔහු කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂාවන් අවසන් කරන ඉක්මනින්ම ඔවුන් නිදහස් කරන්නයි ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කරයි.

179 views
Main News