අත්අඩංගුවට ගත් පස් පොඞ්ඩා නිදහස් කරන්නැයි දේශපාලඥයෙකුගේ බලපෑම්…

March 4, 2018 at 6:23 am | lanka C news
අත්අඩංගුවට ගත් පස් පොඞ්ඩා නිදහස් කරන්නැයි දේශපාලඥයෙකුගේ බලපෑම්…

ප‍්‍රධාන පාතාල නායකයෙකු වන පස් පොඞ්ඩා හෙවත් නැදගමුවේ රෝහිත නැමැත්තා ඊයේ (03) මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දැනට වසර කීපයකට ඉහතදී ගම්පහ අස්ගිරියේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා, බන්ධනාගාර නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන ඔහු ප‍්‍රදේශයේ කුඩු ජාවාරමේ ප‍්‍රධානියා ලෙස සැලකෙයි.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ පස් කැපීමේ ජාවාරමේ ප‍්‍රධානියා ද වන ඔහු කප්පම් ගැනීම්, තර්ජනය කිරීම්, මිනීමැරීමට තැත් කිරීම් ඇතුලූ චෝදනා රැසකට පොලීසියට අත්‍යවශ්‍යව සිටි අයෙකි.

පසුගිය දින වල ගම්පහ කෙහෙල්බද්දර ප‍්‍රදේශයේ සිදු වූ ඝාතන කීපයකටද පස් පොඞ්ඩා හෙවත් නැදගමුවේ රෝහිත සම්බන්ධ බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණි. ආණ්ඩුව වෙනුවෙන් පසුගිය මැතිවරණ කාලයේදී පස් පොඞ්ඩා විසින් විරුද්ධ පාක්ෂිකයන් බොහෝ දෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධීන් රැසක්ද වාර්තා වී තිබේ. අත්අඩංගුවට ගැනීමට පෙර මෙම පාතාල නායකයාව රජයේ අනුග‍්‍රහයෙන් විදේශගත කර වීමට සැලසුමක් තිබූ බවද අනාවරණය වී ඇත.

මේ වන විට පස් පොඞ්ඩා මුදා ගැනීම සඳහා ප‍්‍රදේශයේ ආණ්ඩුවේ ප‍්‍රබල දේශපාලඥයෙකු දැඩි ලෙස පොලීසියට බලපෑම් කරන බවද වාර්තා වේ.

– සුමේද

13 views

2 Comments to “අත්අඩංගුවට ගත් පස් පොඞ්ඩා නිදහස් කරන්නැයි දේශපාලඥයෙකුගේ බලපෑම්…”

  1. Oya prabalai kiyana desapaaluvaa (” lisence ” thibena) apraadhakaarayeki. Uuta ese kireemata idakada salasaa denne lisence nomathi uge langama aparaadha sahaayakaya vana pospaddddaaaaya.

  2. Open mind says:

    පරණ සෙල්ලම් නැවතී නැතිනම්…..වහා සකස් වන්න නායකයන් කටයුතු කළ යුතු යි

Main News