අත්අඩංගුවට ගත් මධුෂ් සමග රාජතාන්ත්රිකයෙක් සිටින බව ඩුබායි ජනප්‍රියම පුවත්පත කියයි.. ලංකා ආණ්ඩුව බොරු කියයි..
February 12, 2019 at 3:26 am | lanka C news
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.
මගේ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් රාජ්‍ය පරිපාලන රාජ්‍ය ඇමතිතුමා විසින් පාරලිමේන්තුව නොමග යවන ප්‍රකාශයක් කළා. ඩුබායි වල දී අත්අඩංගුවට පත් වුණු රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියෙකු සිටිත් දැයි තමන් ආගමන විගමන පාලකගෙන් විමසා සිටි බවත් එවැන්නෙකු පිළිබඳ තොරතුරු තමන්ට ලැබී නැතැයි පාලක පැවසූ බවත් ඇමතිතුමා කිව්වා. ඩුබායිවල රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියෙකු අත්අඩංගුවට පත් වුණාම ආගමන විගමන පාලකට දැනුම් දීමේ ක්‍රමවේදයක් නෑ. ඒ නිසා මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත් වී සිටින අයගේ නම් සහ ඒ අතර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියෙකු සිටී ද කියලා අපේ තානාපති කාරයාලය ලිඛිතව ඒ රටේ ආණ්ඩුවෙන් විමසලා ලැබෙන පිලිතුර ප්‍රසිද්ධ කිරීමෙන් පමණයි මේ ප්රශ්නය විසඳන්න පුළුවන්.
අපරාධකරුවෙකුට රටින් පැන ගැනීමට පහසු වීම සඳහා රාජ්‍යතාන්ත්‍රික බලපත්‍රයක් නිකුත් කළ බවටයි ආරංචි පැතිරෙන්නේ. ඒ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් හෝ පළාත් සභා මන්ත්‍රිවරයෙකු බවට පැතිරෙන කතා බොරු. ඒ අයට රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි නෑ. අවම වශයෙන් පළාත් ඇමතිවරයෙකු හෝ මහ නගර සභාවක නගරාධිපතිවරයෙකු වෙන්න ඕනෑ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබා ගන්න. ඒ වගේම මේක ආණ්ඩුවට මඩ ගහන්න විපක්ෂය හදපු කතාවක් බවට රාජ්‍ය පරිපාලන රාජ්‍ය ඇමතිතුමා කියන්නේ බොරු. මේ කතාව අපි ගෙතුවේ නෑ. ඒක ර්වතා කලේ 2019 පෙබරවාරි 6 දින කලීජ් ටයිම්ස් කියන ඩුබායි වල වැඩියෙන්ම විකිණෙන පුවත්පත.
– අරවින්ද අතුකෝරල
https://www.khaleejtimes.com/international/rest-of-asia/wanted-sri-lankan-drug-kingpin-aides-held-in-dubai-raid-
වැඩිය අවශ්‍ය නෑ. අන්න ඇප මත නිදහස් වූ අර්ජුන් අලෝසියස්ට රට යන්න අවසර දීලා.
කුඩු වෙළෙන්දු ඔක්කමලා ඉතින් රාජත්රන්න්ර්ත්රික අය තමයි
දේශපාලුවෝ කී දෙනෙක් නම් හොර පාස් පෝට්,පාස් පෝට් කීපය ගානේ තියන් ඉන්නවද?
අර හැව ඇරපු ජෙප්පත් ඕවා කරලා අහුවුනේ.
Issellama oya kudu business eka run karana rajathanthrikaya allapalla.
Siyaluma mathi amatila tika hire dala baluwanam kudu business ekata una deyak hoyaganna bari wei. Niwaradikaruwan oppukarala eliyata enna puluwan. Onna mathata thitha.
raniya lapaya ettatama lankaweda inne dubai policeyeda hoyalabalapaala
කුඩු කාරයින්ට සහ කුඩ්ඩො රකින උන්ට සහ කුඩ්ඩන් ඇසුරැ කරන උන්ට විරැද්ධව පක්ෂ භේදයකින් සහ ජාති හෝ ආගම් භේදයකින් තොරව ජනතාව ඒකරාශි විය යුතුය.
ආණ්ඩුවට රජ කෙප්පයක් කියල ඇග බේරගන්න හදද්දි ඇත්ත කිව්වට ඔබට ස්තුතියි.