අත්අඩංගුවට ගත් වරෙන්තුකරු බෙල්ල කපාගනී…

April 26, 2022 at 8:02 am | lanka C news
අත්අඩංගුවට ගත් වරෙන්තුකරු බෙල්ල කපාගනී…

යාපනය පොම්පෙයිවේලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලීසියට රැගෙන ඒමෙන් පසුව සැකකරු විසින් ගෙල කපාගැනීමෙන් තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට වාර්ථා වෙයි.

අදාල සැකකරු වරෙන්තු කරුවෙකු වන බැවින් ඔහු අත්අඩංගුවට ගෙන යාපනය පොලීසියට රැගෙන ඒමෙන් අනතුරුව ඔහු විසින් සිරුරේ සඟවාගෙන සිටි බ්ලේඩි තලයකින් සිය ගෙල ප්‍රදේශය කපාගැනීම හේතුවෙන් තුවාල ලැබීමෙන් සැකකරු රෝහලට රැගෙන යාමට පොලිස් නිලධාරීන් පියවර ගනු ලැබීය.

අදාල සැකකරුගෙ තත්වය බරපතල නොවන බැවින් සැකකරුට ප්‍රතිකාර කොට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

148,241 views

4 Comments to “අත්අඩංගුවට ගත් වරෙන්තුකරු බෙල්ල කපාගනී…”

  1. Lalla says:

    ඇමරිකානු ක්‍රමය ක්‍රියාත්මක කල යුතුය. සෑම සැකකරුවකුම අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත ගෙන ආවිට ශරීර පරීක්ෂාවක් කර තහවුරු කිරීම. එවිට මෙවැනි සුරංගනා කථා ගෙතීම බැරිවෙනවා.

    • ඇල්වතූර says:

      ඊට වඩා හොදයි පෙමදාස ක්‍රමය. කනත්තට ගෙනිච්චා පණ පිටින් පිචිචුවා.

    • ඇමෙරිකාවේ පරීක්ෂා කරන්නේ පොලිසියට ගෙනාවාට පස්සෙද? එහෙනම් එයාලා ලංකාවට වඩා පසුපසින් ඉන්නෙ. ඒ මොකද කියනවානම් ලංකාවේ නීතියට අනුව අත්අඩංගුවට ගත් අවස්ථාවේදීම එතැනදීම පරීක්ෂා කලයුතුයි. එක්කෝ මෙතැනදි ඒක කරලාම නැහැ. එහෙම නැත්නම් සැකකරු පොලිසියට වඩා සූක්ෂම වෙලා.

Main News