අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් පරීක්‍ෂකට පහර දෙයි.. පොලිස් පරීක්‍ෂක රෝහලේ..

December 18, 2020 at 12:40 pm | lanka C news
අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් පරීක්‍ෂකට පහර දෙයි.. පොලිස් පරීක්‍ෂක රෝහලේ..

ලිංගික අතවර සිද්ධියකට සම්බන්ධ සැකකරුවකු කළුතර උතුර පොලිස් සිරමැදිරිය තුළට දැමීමට කටයුතු කිරීමේදී එම සැකකාර පුද්ගලයා පොලිස් පරීක්ෂකවරයෙකු ට එකවර ඊට විරෝධය පළකර ,පහරදීමක් සිදුකර ඇති අතර පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු (17) දා සවස පැවසීය.

කාන්තාවකට සිදු කරන ලද ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරිය තුළ රඳවා තැබීමට කටයුතු කිරීමේදී සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර ෆොන්සේකා මහතාගේ මුහුණට පහර දීමක් සිදු කර තිබේ.

සැකකරු කළුතර අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ප්‍රතිකාර ලබන පොලිස් පරීක්ෂකවරයාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වා මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් පරීක්ෂණ සිදු කරයි.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

25,093 views

3 Comments to “අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් පරීක්‍ෂකට පහර දෙයි.. පොලිස් පරීක්‍ෂක රෝහලේ..”

  1. කැප්පෙටිපොළ says:

    Do you think birth is originated automatically due to hormones? As scientists think or is a god created the living being? No there is a cause for that. What is the cause for the birth? Cause is past Kamma or wholesome or unwholesome act you are followed of. This cause is called Bawaya or Planet formation. There are three kinds of planet formations they are form, without visible form and pleasurable form. But pleasurable form can be heaven or hell. Buddha has expounded these forms very deeply in abidhamma discourses.

    • GONA says:

      Lord Buddha had mentioned that if you tried to find out the beginning of the life you would go mad. By the way, the story here is not about that.

  2. Krishan Senarath says:

    අතින් පහර දිමක් පමණයි එහෙම එකකදි මරණයට පත්වෙන්න තරම් තත්වයක් නැහැ ඇසකට නැත්නම් දත් හෝ නාසය බිදියාමට හැකියාවක් තියෙනවා එවත් දරුණු පහරදිම් විදිහට ගන්නේ එත් ජිවිත හානියක් වෙන්න නම් අඩුම බෙල්ලවත් මිරිකගෙන හිටියා නම් හිතන්න තිබුනා ඔය පොලිසිය ගොතන බොරුවක් වෙන්න පුළුවන් අනිත් එක අත්ඩංගුව තුල ඉන්න කෙනෙක් කොහොමටවත් එහෙම පහර දිමකට යන්නේ නැහැ හේතුව ඔහු දන්නවා එහෙම කලොත් මුළු පොලිසියම එකතුවෙලා ඔහුට ආයිත් ජිවත් නොවෙන්න පහරදෙනවා කියලා සිහියක් බුද්ධියක් ඇති අය ඔහොම එවා කරන්නේ නැහැ පොලිසිය ලංකාවේ සල්ලි වලට ඕනෑම තිරිසන් වැඩක් කරනවා පැමිණිලි සාක්කි කටවුත්තර ආදිය වෙනස් කරනවා තව සමත මණ්ඩල වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැහැ සල්ලි නිසා

Main News