අත්අඩංගුවට ගත් ISIS ත‍්‍රස්තවාදි ඥාතියා බේරාගන්න මෙරට ප‍්‍රබල ඇමති ඔස්ටේ‍්‍රලියාවට නීතීඥයන් යවයි..

September 3, 2018 at 1:20 pm | lanka C news
අත්අඩංගුවට ගත් ISIS ත‍්‍රස්තවාදි ඥාතියා බේරාගන්න මෙරට ප‍්‍රබල ඇමති ඔස්ටේ‍්‍රලියාවට නීතීඥයන් යවයි..

ISIS සංවිධානයේ සාමාජික යයි ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද 25 හැවිරිදි ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතික තරුණයා මෙරට ප්‍රබල ඇමතිවරයෙකුගේ සහෝදරියකගේ පුත්‍රයෙක් බවට තොරතුරු හෙළිව තිබේ.

මේ වන විට මෙම ඇමතිවරයාගේ පවුලේ ඥාතීන් නීතිඥයන් දෙදෙනෙකු ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත්තේ එම තරුණයාට නීති ආධාර ලබා දීම සඳහා ය.

මෙම පුද්ගලයා එරට දී අත්අඩංගුවට පත් වූ පසු ඇමතිවරයා මෙරට මාධ්‍ය ප්‍රධානීන් හට ඇමතුම් දෙමින් සඳහන් කර තිබුණේ තමන්ගේ ඥාතීන්වය මාධ්‍ය හරහා හෙළි නොකරන ලෙසයි.

ඕස්ට්‍රේලියානු පොලීසිය සඳහන් කරද්දී අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා සතුව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශේෂිත ස්ථාන කිහිපයක් හා පුද්ගලයින් කිහිප දෙනකුගේ නම් ලැයිස්තුවක් තිබූ බවයි.

ඒවා ඉදිරියේදී බොහෝ දුරට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් තිබූ ඒවා යැයි ද සැක කෙරෙයි.

169 views
Main News