අත්අඩංගුවට ගත් TNA මන්ත්‍රීට එසැණින් ඇප

August 12, 2018 at 2:03 am | lanka C news
අත්අඩංගුවට ගත් TNA මන්ත්‍රීට එසැණින් ඇප

රජයේ දේපලවලට හානී කිරීම හා ජනතාව ඊට පෙළඹවීම යන චෝදනා යටතේ අත්අඩංගුවට පත් උතුරු පලාත්සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ටී.රවිහරන් ඇප මත මුදාහරින ලෙසට මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. පරංසෝදි මහතා නියෝග කොට සිටියේය.

මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මුලතිව් පොලීසිය විසින් පරික්ෂණ පවත්වා පලාත්සභා මන්ත්‍රී ටී.රවිහරන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ මන්ත්‍රීවරයා ඇපමත මුදාහරින ලෙසට නියෝග කොට ඇත.

මුලතිව් අධිකරණයට ඉදිරිපත් කල පලතාසභා මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇති අතර නඩුව අගෝස්තු මස 21 වනදා දක්වා කල් තැබීමට මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. පරංසෝදී මහතා නියෝග කොට සිටියේය.

පසුගිය අගොස්තු මස 02 වනදා මුලතිව් සහකාර ධීවර පරික්සඛ කාර්යාලය ඉදිරිපිට මුලතිව් ධීවරයින් විශාල පිරිසක් එක්ව විරෝධතාවක නිරත වෙමින් ධීවර පරික්ෂක කාර්යාලයටද කඩා වැදී එම කාර්යාලයේ දේපලවලට දැඩි අලාභහානි සිදු කල අතර අදාල ධීවරයින් මෙහෙයවීම රවිහරන් මන්ත්‍රී වරයා සිදු කල බවට චෝදනා ලැබ සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

51 views

One Comment to “අත්අඩංගුවට ගත් TNA මන්ත්‍රීට එසැණින් ඇප”

  1. Russia says:

    Why is this ????? Is this fellow is from different earth…..

Main News