අත්ඩංගුවේ සිටින තිස්සමහාරාම රජමහා විහාරයට අයත් අලියාට අසාධ්‍යයි…
August 26, 2019 at 12:40 pm | lanka C news
හීලැ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීම මත වනජීවී දෙපාර්තමේන්තුව මගින් 2015 වසරේ දී අත්අඩංගුවට ගෙන රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ බී/172/15 යටතේ නඩුපවරා ඇති තිස්සමහාරාම රජමහා විහාරයට අයත් අලියා( වයස අවු 20 පමණ) දැඩි ලෙස රෝගීව මේවන විට පින්නවල අලි අනාතාගාරයේ සිටී. මෙම අලියා අත්අඩංගුවටගත් දින සිටම කිසිදු සැලකිල්ලක් නොදක්වන ලද බවත්, නැවීමක් හෝ ගස් ලිහීමක් පවා සිදුකර නොමැතිබව වාර්තාවේ( අලි පැටියෝ ඔයයි මමයි චිත්‍රපටයේ මීට වසර 13 පෙර සිටි අලියා). මේ ආකාරයටම වනජීවී දෙපාර්තමේන්තුව මගින් මහනුවරදී අත්අඩංගුවට ගත් හොරණ වරුණ කන්නංගර මහතාට අයත් අලි පැටියෙකු ද උඩවලව ඇත් අතුරු සෙවනේ දී රෝගීව මියගොස් ඇති අතර, මේවන විට විවිධ හේතු සාදක මත විහාරස්ථාන හා පුද්ගලයන් සතු හීලැ අලි ඇතුන් 38 පමන අත්අඩංගුවට ගෙන ඇති අතර එම සතුන්ගේ තත්වය ද යහපත් නොවන බව අප සංගමයට වාර්තාවේ. (අධිකරන මගින් පින්නවලට හා උඩවලව ඇත් අතුරු සෙවනට භාරදි ඇති අලි ඇතුන් නඩු භාණ්ඩ බැවින් නිලධාරීන් ද මෙම සතුන් සම්බන්ධව කටයුතු කරන්නේ ඔවුන්ගේ රාජකාරි සීමාවේ සිටය, නමුත් මෙම සතුන් එම සතුන්ගේ භාරකරුවන් ලග සිටියදී පෞද්ගලිකව එම සතුන්ගැන අවධානයෙන් සිටී)
ඊනියා පරිසර සංවිධාන හා එන්.ජී.ඔ්. සංවිධාන විසින් මෙරට පෙරහැර සංස්කෘතියට හා විහාරස්ථාන දේවාල, හා මහා සංඝරත්නයට විරුද්ධව පසුගිය වසර කීපය තුළ ගෙනගිය මෙම විවිධ නඩු කටයුතු හා හොරෙන් වනයෙන් රැගෙන ආ අලි බවට වැරදි තොරතුරු ජනගත කිරීම නිසා මෙම ගැටලුව ඇතිවී ඇත. එහෙත් මේවන විට අධිරණය මගින් තහවුරු වෙමින් ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන හා ඊනියා පරිසර සංවිධාන ගෙනගිය ප්‍රචාර සම්ප්රර්ණයෙන්ම අසත්‍ය බවත් මෙරට බෞද්ධ සංකෘතියට හා මෙරට ප්‍රකට භික්ෂුන් වහන්සේලා හා බෞද්ධ ප්‍රභුන් ඉලක්ක කරමින් විදේශීය අන්‍යාගමික සංවිධාන මගින් විශාල ලෙස මුදල් ලබා ගනිමින් සිදුකරන ලද මහා පරිමාන ව්‍යාපරයක් ලෙස මෙම ඊනියා පරිසර සංවිධාන හා එන්.ජී.ඔ්. සංවිධාන කටයුතු කර ඇති බවයි.මෙවුන්ගේ ඉලක්කය වී ඇත්තේ පෙරහැර සංස්කෘතිය මෙරටින් අතුගා දැමීම බව අප සංවිධානයට වාර්තාවී ඇත.
මෙම ඊනියා පරිසර සංවිධාන හා එන්.ජී.ඔ්. සංවිධාන මැදිහත් වීම මත මේවනවිට මහනුවර අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමිපාණන් ,තඔුල්ලේ සීලක්කන්ද හිමිපානන්, ප්‍රධාන ධරනාගම කුසලදම්ම හිමියන්,කොලොන්නාවේ සුමංගල හිමි මහනායක හිමියන් තිස්සමහාරාමාධිපති දේවාලේගම ධම්මදින්න හිමියන් ඇතුලු නායක හිමිවරුන් කීප නමකටම හා බෞද්ධ අලි ඇතුන් හිමියන් 20 කට පමණ මේවන විට විවිධ අධිකරනවල නඩු ගොනුකර ඇත. මෙම මෙම ඊනියා පරිසර සංවිධාන හා එන්.ජී.ඔ්. සංවිධාන වල අපේක්ෂාව වී ඇත්තේ මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව මගින් පවරා ඇති එක් නඩුවක් මගින් හෝ කිසිවකු වරද කරුවෙකු වනු දැකීමය. එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඒ හරහා අනෙක් නඩුවලටද බලපැමක් සිදුකිරීමත් මේ වන විට විහාර දේවාලවල සිටින අනෙක් අලි ඇතුන්ට ද එම නඩු තීන්දු උපයෝගිකර නඩු පැවරීමට මාර්ගයක් උදාකර ලීමය.
පසු ගියදා මහනුවර ඇසල පෙරහැරේ ගමන්ගත් ටිකිරි ඇතින්න ගැන කිඔුල් කදුලු හෙලු ඊනියා පරිසර සංවිධාන හා එන්.ජී.ඔ්. සංවිධාන පින්නවල අලි අනාතාගාරයේ පන අදින හීලැ අලි පිලිබදව කිසිවක් කථා නොකරන්නේ ඔවුන්ගේ අපේක්ෂාව හීලැ අලින් අප පෙරහැර සංස්කෘතියෙන් ඇත්කීරීම පමණක් බවත් එම සතුන්ගේ සුභ සාධනය හෝ ආරක්ෂාව/ ආදරය ගැන අනුශුමාත්ර හැගීමක් නොවන නිසා බව හොදින්ම පැහැදිලිය.
– හීලැ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යපාරය
Ali Roshan mahinda GA minihak..Vimal uthuiii Ali horunta kadeyanna gadanava..mahinda Ali horakam Kala nisa ma vote Kala na .. Maya kumantranayak .Ali navatha Ali horunta labs denq kumantranayak …gotata vote karana hithnath na ubala mehema Ali horunta kada yanakota
නඩු භාණ්ඩ ලෙස ඇති අලි ඇතුන් කැලයට මුදාහැරීමට පියවර ගනු.
When Ghotabhaya come in to power all ali horu can be escape.
මේ එන්ජීඕ නඩ වල ඩොලර් වලට විකිනිලා ඉන්න අපේම ජාතියෙ තිරිසන්නුන්ටත් අන්ත සත්තුන්ට යන්න අපායක් වෙනම හදන්න වෙනව.
ඔය කියන රටවල් වල රැජිනගෙ මාලිගාව ඉස්සරහ අශ්වයො පිට නැගගෙන මුර සේවා කරන්න, අශ්වයො කරත්ත වල බැදගෙන එහෙ මෙහෙ යන්න හොදයි. දඩයමට අශ්වයො පිට නැගගෙන වුර්කයො වගෙ බල්ලො දාලා නරි මරන්න හොදයි. මුංගෙ රටවල් වල අලි නැති නිසා අපට තියෙන මේ සම්පත විනාශ කරල දාන්නයි මුන්ට ඕනැ.
අපේ රටේ අලි හදන මිනිස්සු උන්ව රැක බලා ගන්නෙ හරිම ආදරෙන්. උන්ව හිමි කරුවන්ගෙන් ඈත් කරල මේ දෙන දුක ඒ අයටම පල දෙයි.
උඩුවේ ලගට උඩින් වැඩියේ මෙවැනි පැටියෙකි…
ඊනියා පරිසර සංවිධාන හා එන්.ජී.ඔ්. සංවිධාන වහාම තහනම් කරන මෙන් පරිසර බාර ඇමතිවූ ජනපති සිරිසේනගෙන් අපි ඉල්ලමු
අපේ රටේ අලි ඇතුන් ගැන එන්.ජී.ඔ්. සංවිධාන වල ට ඇති කැක්කුම කුමක්ද ? මොකද්ද අපේ රටට සිදු ඇති මේ විනාශය
එන්.ජී.ඔ්. සංවිධාන වහාම අපේ රටින් පිටමං කලයුතුයි .මේ අපේ රට අපේ ජනතාවට බලපෑම් කිරීමට එන්.ජී.ඔ්. සංවිධාන වලට බලය දුන්නේ කවූ ද ?
අපේ රටේ බෞද්ධ සංස්කෘතිය විනාශ මේ විදේශීය NGO ලාගේ අරමුණයි …හෙළයිනි මේවාට විරුද්ධව පෙරට වරෙව්
අපේ රටේ අලි හදන මිනිස්සු උන්ව රැක බලා ගන්නෙ හරිම ආදරෙන්. උන්ව හිමි කරුවන්ගෙන් ඈත් කරල මේ දෙන දුක ඒ අයටම පල දෙයි.
ඔය ඊනියා NGO පරිසර සංවිධාන එකෙක්වත් රිෂාර්ඩ් බදුර්දීන් අත් අඩංගුවට ගනු, හෙලිකල විල්පත්තු ඉඩම් නැවත වනයට මුදා හරිනු කියල කෑගැහුවද?
මේ යුඇන්පී නඩේ ගෙ ආන්ඩු කෙරිල්ලත් එක්ක උන්ගෙ පක්ෂෙ ලකුණ වෙච්ච අලියෙකුටවත් නිදහසේ ඉන්න නැහැ. උන්ටත් සිද්ද වෙලා තියෙන්නෙ දුක් විදල වල පල්ලට යන්න.
මේ ආණ්ඩුවේ අලි කොහොමත් හීල නෙනේ ඒ හින්ද අනිත් අලින්න්ටත් සලකන්නේ ඒ විදියට තම
පරගැත් යහපාලන නඩය පලවා හැර ඒ සමගම NGO පප්පලාද ලංකාවෙන් අතුගා දමමු.දමමු.
අද මේNGO ලා නිසා අපේ රටේ අලි ඇතුන්ට සිදුවන මේ අපරාධ අපි තරයේ හෙළා දකිමු
මේ පිලිබදව ජනතාව දැනුවත් කිරීම ගැන හීලැ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යපාරයට අපේ ප්‍රණාමය ස්තුතිය
නීතිපති දෙපාර්තමේන්තුව වැඩේ කරයි
ඇති හැකි ඕනෑ කෙනෙකුට අලි ඇතුන් අල්ලන්න දෙන්න.එලුවන්,හරකුන්,කුකළන්,ඇතිකරන්න හොඳ නම්…….නේද ?
සිදුහත් කුමරා අබිනිශ්ක්‍රමණය කලේ කන්ථක අසු පිටින්. එහෙව් එකේ පෙරහරට අස්සයෝ දාන්නේ නැතිව මේ හඩු ගඳ ගහන පාරේ අසුචි කර කර යන අහිංසක තිරිසන් සතෙකුගේ පිටේ කරඩු වඩම්මාගෙන පිස්සු නටන එක දැන්වත් නැවැත්විය යුතුය. මේවා බුදුන් දේශා කරපු ධර්මයේ නැහැ