අත්තනගල්ල පෙතිකන්දවත්ත අක්කර 194ක් කර්මාන්ත පුරයකට..

September 17, 2020 at 5:30 pm | lanka C news
අත්තනගල්ල පෙතිකන්දවත්ත අක්කර 194ක් කර්මාන්ත පුරයකට..

අත්තනගල්ල පෙතිකන්ද වත්ත අක්කර 194 ක ප්‍රමාණයක් කර්මාන්ත පුරයක් සඳහා ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා වන කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිවී ඇති අතර ඊට සවිස්තරාත්මක ඇගයීමක් සිදු කිරීම සදහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව පැවරීමට ද තීරණය කර තිබේ.

මෙම ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් එකක් වන අතර අත්තනගල්ල හා වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකටම අයත්ව පිහිටා තිබේ.

එහි ඉදිකරන කර්මාන්ත පුරය තුළ විදුලි හා ඉලෙක්ට්‍රොනික් උපාංග, ඇසුරුම් ද්‍රව්‍ය, අගය එකතු කළ කෘෂි කාර්මික නිෂ්පාදන, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන, ඇඟලුම් නිෂ්පාදන, ඖෂධ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට තීරණය වී තිබේ.

15,872 views

One Comment to “අත්තනගල්ල පෙතිකන්දවත්ත අක්කර 194ක් කර්මාන්ත පුරයකට..”

  1. සමන් says:

    ලංකාවේ ප්‍රදානම ආයෝජන කලාපයේ හා කර්මාන්තපුර කිහිපයක රැකියාව කර ඇති අත්දැකීම් මුහුකරන්නට සිතුවෙමි . මෙම ආයෝජන කලාප සහ කර්මාන්තපුර යල් පැන ගිය සංකල්පයකි .
    කේන්ද්‍රිය වු කර්මාන්තපුර සදහා සේවක ආකර්ෂණය ඉතා අවමය . ඒ අනුව සේවක බදවා ගැනීම ඉතා දුෂ්කරය.
    සේවක ප්‍රතිරූපය අවම බැවින් රැකියාව සදහා අභිප්‍රේරනයක් නොමැත .
    ආයෝජකයන් සදහා විශේෂ සහන වර්තමානයේ නොමැති බැවින් , කර්මාන්තපුරයක් තුලට කොටුවීම සංසන්දනාත්මකව පාඩුවකි .
    සේවකයන් නිවසෙහි සිට රාජකාරියට වාර්ථා කිරීමට කැමති බැවින් රට පුරා විහිදී යන පරිදි කර්මාන්ත දිරිමත් කිරීම පලදායි වේ .
    ලංකාවේ සෑම කර්මාන්තපුරයක් ම පිරිහීගොස් ඇත .කරුනාකර සංක්‍යාලේඛන බලන්න .
    සාමාන්‍යයෙන් කර්මාන්තපුර බන්ඪිත ප්‍රදේශ වන මුත් ඒවාට අදාළ සහන වර්තමානයේ ක්‍රියාත්මක නොවේ.
    තවත් දහසක් හේතූන් ඇත . සුදුසුම දෙය රටා පුරා විසිර යන ලෙස කර්මාන්ත ඇති කර දැඩි පරිසර හා කම්කරු නීති යටතේ නියාමනය වේ.