ඇත්ත කියන්න යන ෆොන්සේකට අපේ සහාය දෙනවා..- TNA

September 6, 2017 at 2:10 pm | lanka C news
ඇත්ත කියන්න යන ෆොන්සේකට අපේ සහාය දෙනවා..- TNA

ජාත්‍යන්තර අධිකරණයක්‌ ඉදිරියේ සාක්‌ෂි දීමට සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වන්නේ නම් ද්‍රවිඩ සන්ධානය ඔහු සමඟ එක්‌ව කටයුතු කරන බව ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කර ඇත.

විපතට පත්වූ ද්‍රවිඩ ජාතිකයන්ට යුක්‌තිය ඉටුකිරීමට ෆොන්සේකා මහතා ඉදිරියට පැමිණ ඇත්ත හෙළිකළ යුතු බව ද ඔහු කියා සිටී.

යාපනයේ පළවන උදයන් පුවත්පත වෙත කරුණු දැක්‌වූ සම්බන්ධන් මහතා තවදුරටත් පවසා ඇත්තේ යුද අපරාධ චෝදනා ගැන පරීක්‌ෂණ පැවැත්විය යුත්තේ හයිබ්‍රිඩ් අධිකරණයක්‌ සහ ජාත්‍යන්තර විනිසුරුවරුන් ඉදිරියේ බවයි.

– දිවයින

111 views