අත්බෝම්බයක් වව්නියාවේ ඉඩමකින් හමුවෙයි…

March 19, 2020 at 2:06 am | lanka C news
අත්බෝම්බයක් වව්නියාවේ ඉඩමකින් හමුවෙයි…

වව්නියාව මාමඩුව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අත්බෝම්බයක් තිබී දින ප්‍රදේශවාසියෙකුට හමු වී ඇති බවට මාමඩුව පොලීසිය පවසයි.

අදාල අත්බෝම්බය ඉතා අබලන් තත්වයේ තිබී ඇති අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් දමා යන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටියි.

ප්‍රදේශවාසියෙකු විසින් අත්බෝම්බය දැක ඒ බව මාමඩුව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය විසින් වව්නියාව පොලිස් විශේෂකාර්ය බලකායට දැනුම් දීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාල ස්ථානයට පැමිණ අත්බෝම්බය රැගෙන යාමට කටයුත කර ඇති අතර අධිකරණ නියෝගයකට අනුව අත්බෝම්බය නිශ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

84 views
Main News