අත්බෝම්බ දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට…

March 30, 2020 at 2:07 am | lanka C news
අත්බෝම්බ දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට…

වව්නයාව සහ මන්නාරම් ප්‍රදේශයන්හි ජීවි අත්බෝම්බ දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට නාවක හමුදාව සහ පොලීසිය පවසයි.

වව්නියාව මහමයිලන්කුලම් ප්‍රදේශය ආසන්නයේදී යතුරුපැදියක ගමන්කරමින් සිටි පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී යතුරුපැදිය තුල සඟවා තිබූ ජීවි අත්අබෝම්බය සමග සැකකරුවෙකු අත්ඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් අත්බෝම්බය විදෙස්රටක නිශ්පාදිත එකක් වන අතර අදාල සැකකරුද රන්මාල කැඩීම් හා නිවාස මංකොල්ල රැසකට සම්බන්ධ පොලීසිය සොයමින් සිටි පුද්ගලයෙකු බවටද එම වව්නියාව ආච්චිපුරම් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සැකකරු වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇති බවට පරික්ෂන සිදු කරන වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මේ අතර මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයේ යෝද වැව පාමුල තිබී ජීවි අත්බෝම්බයක් සෝදිසි මෙහෙයුමක නිරත වූ නාවික හමුදා නිලධාරීන් පිරිසකට හමු වී ඇත.

උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මුරුන්ගන් ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයමුකදී යෝද වැව පාමුලින් හමුවූ අත්බෝම්බය කිසියම් පුද්ගලයෙකු විසින් වැවට දමන ලද අත්බෝම්බයක් බවට නාවික හමුදාව සැක පල කර සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,406 Viewers
Main News