අත්බෝම්බ 07ක් සොයාගනී..

June 1, 2019 at 8:02 am | lanka C news
අත්බෝම්බ 07ක් සොයාගනී..

යාපනය කොලොම්බුතුරෙයි ප්‍රදේශයේ කලපුවක් අසලින් සාමාන්‍ය වැසියෙකුට අත්බොම්බ 7 ක් හමු වී ඇති බවට යාපනය පොලීසිය පවසයි.

කොලොම්බුතුරෙයි ස්වාමියාර් විදිය ආසන්නයේ පිහිටි කලපුවකින් අසල නිවැසියෙකු දිය නෑමට ගොස් ඇති අතර එහිදී කලපුව ආසන්නයේ මඩේ තිබි අදාල අත්බෝම්බ හමු වී ඇති අතර පසුව එම වැසියා විසින් ඒ බව යාපනය පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව යාපනය පොලීසිය එම ස්ථානයට පැමිණ සිදු කරන ලද සෝදිසියකදී වලදමා තිබූ අත්බෝම්බ  7 ක් හමු වී රැගෙන ගොස් ඇති අතර අදාල අත්බෝම්බ අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේස කාර්ය බලකා නිලධාරීන්ගේ සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවට යාපනය පොලීසිය වැඩි දුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,994 Viewers
Main News