අත්යන්ත්‍ර සහ බතික් රෙදි ආනයනය තහනම්.. සියල්ල දේශීයව නිපදවයි..- ජනපති තීන්දු කරයි..

June 16, 2020 at 8:02 am | lanka C news
අත්යන්ත්‍ර සහ බතික් රෙදි ආනයනය තහනම්.. සියල්ල දේශීයව නිපදවයි..- ජනපති තීන්දු කරයි..

අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළී ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.

මේ කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නගා සිටුවමින් තවත් නිෂ්පාදකයන් ඊට ආකර්ශණය කර ගැනීම ඉන් අපේක්ෂා කෙරේ.

රෙදිපිළී සහ ඇගළුම් කර්මාන්තයේ නිරතවූවන් මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් 15 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ තීරණ ගනු ලැබිණ.

ආනයනික රෙදි භාවිතයෙන්, නිපැයෙන ඇඟළුම් වෙනුවට දේශීය රෙදි නිෂ්පාදන ආශ්‍රිත නිමි ඇඳුම් සඳහා වැඩි වෙළෙඳ පොළ අවස්ථාවක් ලබාදීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය. එමගින් විදේශයන්ට ඇදී යන විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත.

පාසල් සහ විවිධ නිල ඇඳුම් සඳහා කෙරෙන රෙදි නිෂ්පාදනයේ ප්‍රමිතිය ඉහළ ගුණාත්මක අගයක් තිබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ඒ සඳහා සුපරීක්ෂක කණ්ඩායමක් යෙදවීමට ද තීරණය කෙරිණ.

කිහිප දෙනෙක් සතු රෙදි පිළී නිෂ්පාදන වෙළෙඳපොළ ඊට කැමැත්තක් දක්වන වෙනත් ආයෝජකයන්ට ද විවෘත කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

නිමි ඇඳුම් නිෂ්පාදකයන් සහ දේශීය වෙළෙඳ ආයතන සාමූහිකව රැස්ව තීරණ ගැනීමෙන් පුළුල් වෙළෙඳපොළක් නිර්මණය කළ යුතු බවත්, සෙසු රටවල ගැනුම්කරුවන්ට ඇඟළුම් තොග වශයෙන් මිලදී ගැනීමට වෙළෙඳ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවත් අවධාරණය කෙරිණ.

විදේශ රටවලින් ගෙන්වන නූල් සහ රසායනික වර්ණයන්ගේ ප්‍රමිතිය සහ මිල ගණන් ආශ්‍රිත ගැටළු නිරාකරණය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

අමාත්‍ය විමල් වීරවංශ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීහූ සහ ඇගළුම් සහ රෙදි පිළී ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

125 views

20 Comments to “අත්යන්ත්‍ර සහ බතික් රෙදි ආනයනය තහනම්.. සියල්ල දේශීයව නිපදවයි..- ජනපති තීන්දු කරයි..”

  1. jehan says:

    වාහනයක් මේ රටේ හදන්න බැරිද ජනාදිපතිතුමනි…
    රටේ විදේශ විනිමයක් ඔය වගේ ලක්ශ ගුනයකින් ඉතුරු වෙනවා
    එහෙම දෙයක් කලොත් නම් ඔබතුමා ඇත්තම වැඩකාරයෙක් කියලා පිලිගන්න පුලුවන්
    දැන් කරන ඒවා නම් මාද්‍ය සන්දර්ශන විතරයි කියලා මිනිස්සුන්ට දැන් තේරෙනවා ජනාදිපතිතුමනි…

    • thus says:

      දැනට රටේ තියෙන නිකම්ම රෝධ හතරවල් නම් කොච්චර සැප ගෙන දෙන ලෙස හැදුවත් වැඩැක් නෑ..
      statically balanced වාහනයක් හදන්ට ඕනෑ. හැප්පුනහම ඇතැලේ ඉන්න අයට අනතුරක් නොවන ලෙස..

    • කෝලිත says:

      අනේ අපි නොදන්න ලනක්වේ නිෂ්පාදන. හැට්ටකට්ටක් හදාගන්න බැරි රටේ හඳට රොකට් යවන්න කතාව. මේ රටේ ඔය රෙදි හදන්න ගත්තට පස්සේ ඉතිං කොළිටි බඩු හොයන්න බැරි වෙනවා. ගත්තත් ගිනි ගානක් දීලා ලෝ කොලිටී සරම් චිත්ත ගන්න වෙන්නේ. ඊට වඩා හොඳයි රෙදි නැතුව හෙළුවෙන් ඉන්න එක.

      • කොලු කාරය (u n p ) says:

        එහෙනං ඔයා හෙළුවෙන් ඉන්න . මම ආසයි ඔයා එහෙම ඉන්නවට .

      • සෙනාලිකා says:

        කෝලිත, උඹ දැනටත් රෙදි නැතිව කඩේ යනව නේද, පේඩි සජියට?

    • RAW Agent says:

      කරුණාකර එබඳු ගොන් කතා රනිල් වික්‍රමසිංහට කියන්න.

      මම හිතන්නෙ මේ කුලියාපිටියෙන් කාර් ගන්න බලා ගෙන ඉඳලා
      බලාපොරොත්තු කඩ වුන කෙනෙක්.
      දේශීය කර්මාන්ත නගා සිටුවන්නෙ විශාල පුරවැසියන් ප්‍රමාණෙකට
      ප්‍රතිලාභ ලැබෙන්න.

      ජනාධිපති ඉන්නෙ උඹලා වගේ ළදරු මානසිකත්වෙ එවුන්ට
      සර්කස් පෙන්නන්න නෙවෙයි.

    • kkuruwita says:

      වැඩි කතා ඕනේ නැහැ. කොරොනාව සාර්තකව පාලනය කිරීම මාධ්‍ය සංදර්ශනයක් ද? තව තවත් කියන්න ඕනිද? කුහක කමයි වහල්කමයි නැති කෙනෙකුට තමයි හරිදේ අවංකවම අගේ කරන්න දන්නෙ.

    • Crazy says:

      Yes, we should try and manufacture these stuffs ourselves as much as possible to save foreign exchange.

      But the real success is achieved on the day our people could stop being crazy about possessing more and more vehicles and other materialistic belongings. That is the only way to stop this tiny country soon becoming a junk yard.

      Until such time when environment protection become the number one shared priority of all people, to satisfy those wants of the people, Government must promote and foster “Circular Economic Concept” to preserve the environment.

    • Chinthana says:

      If the government proposed to manufacture cars those poor people like Anura, Sajith, Thalataha might be starting to creep. So let’s forget about for time being. But we can remember that “Upali Fiet cars” had been manufactured in Sri Lanka some time ago.

  2. රොසා says:

    පාසල් නිල අදුම් රෙදි පිටරටින් මෙරටට ගෙන්වා ලන්කවෙ නිපදුවා සෙ අල්ලස් දි මුස්ලිම් වියපරක්‍යින් දෙදෙනෙක් මුලු ලන්කවටම පාසල් නිල අදුම් ඔඩරය ගෙන බෙදයි. ච්නයෙන් මෙම බාල රෙදි ගෙන්වන්නෙ රු 90.00 වාගෙ සුලු මුදලකට වන අත්‍රර අද්‍යපන අමත්‍යංශයට දෙන්නෙ රු1.50 කට රජ ය මෙ ගෙන දෙන දෙනත් මෙම ව්‍යාපාරකයින් දෙදෙනා පමනක් පොහොසත් කිරිමට උත්සකු වෙ

  3. දිලිත් says:

    ඔහොම්ම අර කඩදාසි කම්හලේ කඩදාසිත් එලියට දාමු චන්දෙට කලින්..
    නැත්තම් ටොයියො කියය් අපි වැඩක් කලෙ නෑ කියලා විමල් ඇමතිතුමනි

  4. රොසා says:

    වියපරක්‍යින් දෙදෙනෙක් රෙදි වියන මෙසින් 20 ක් පමන තියාගෙන එයින් මුලු රටටම පාසල් නිල අදුම් රෙදි දිමට හෙකි බව අදාල පුද්ගලයන් ට (SLITA ) අල්ලස් දි නිර්දෙස කරගෙන චිනෙන් බාල රෙදි ආනයනය කොට සුලු ප්‍රමාණය ක් හොඳ රෙදි ගෙන්වා එය පමනක් පරික්සකයන්ට පෙන්වා බාල රෙදි කපා අද්‍යාපන අමත්‍යංශයේ ගබඩා වලට යවනු ලබයි.
    ඔවුන් සතු රෙදි වියන මෙසින් වලින් ලන්කවෙ ප්‍රදාන එක් පාසලකට වත් රෙදි නිස්පාදනය කල නොහැකි ය.

    පිට රටින් ගෙන්වනෙ C ගනයෙ රෙදි වන අතර මෙය මුලු පෙසකර්මාන්ත අමත්‍යංශය ම දන්න ප්‍රසිද්ධ රහසකි

  5. රොසා says:

    හමුදා පොලිස් නිල අදුම් රෙදි සියල්ල ම චිනෙන් ආනයනය කොට ලන්කවෙ නිපදවන සෙ රජය රවටා මහ පරිමාණයේ රටට වන්චා කෙරෙ.
    මෙම රෙදි චිනෙන් ආනයනය කරන්න නෙ B ගනයෙ රෙදි වන අතර මෙයින් විසාල ලාබයෙන් උපද්‍යි.

  6. Nimal R says:

    1977 පත්වූ JR ජයවර්ධන රජය හොඳ තත්වයේ නිපයීම් කරපු දේශීය කර්මාන්තත් විනාශ කලා. වැඩේ තියෙන්නේ ආයෙත් මේවා පටන් ගත්තත් කවද හරි UNP ආණ්ඩුවක් ආවොත් ඔවුන්ගේ හෙන්චයියන්ට බිස්නස් ලබා දෙන්න ආනයනයට ඉඩදෙයි . එවැන්නක් කරන්න බැරි විධියට නීති ගෙන ආ යුතුයි

  7. සිිංහ says:

    කුඩ, සපත්තු, බයිසිකල් ටයර්, අනිත් ටයර්, බයිසික්ල් බ්‍රේක් පලු, වෙළඳ දැන්වීම්, ප්ලාස්ටික් භාජන, යෝගට් කප්, සහ ටිෂු පේපර්, ප්ලාස්ටික් සහ ලී සෙල්ලම් බඩු, යකඩ ඇණ, කොන්ක්‍රීට් කම්බි. (අබලි යකඩ පිට රට යවන ඒක නවතමු), ෂර්ට් සහ ටී ෂර්ට්, ලණු, මදුරු දැල් හා ලේසියෙන්ම මෙහේ හදන්න පුළුවන් ලැයිස්තු ගත කරමුද? ඒ සඳහා උදව් කරමුද?

  8. දේශ says:

    තොරතුරු තාක්ෂණය මුවාවෙන් ලොකු ගසා කෑමක් පවතී, අර නියෝජිතායතනයේ වැඩ්ඩෝ වාගේ පෙන්වන අය මානසිකත්වය ලංකාවේ පොලොවේ පය ගැසීම‌ නොවේ. මුදල් නාස්තිය සහ සමාගම් වෙත බිස්නස් හැදීම, පිටරටට බිස්නස් සැදීම, (විගණනය කරමු! අසාර්ථක වෙච්ච පටන්ගත්ත ප්‍රොජෙක්ට්ස් හී හී) ලඟදීත් කලා නේද සමාගම් වලට කෝස් වලට ඉල්ලුම වැඩි කරන දේවල්?

  9. Don sarath says:

    At last Sri Lanka Got a patriotic president. Good move.

  10. MD says:

    RATATA SAUBAGYA UDAWENA LAKUNU PAHALA WEGANA YAI.OHUTA HODA SAKTIYAK PARLIMENT CHANDEN LABADEMU.TIRANAYA OBA SATUI.

Main News