MCC අත්සන් කරනවාද.. යන්න කලින් පොම්පියෝ කියා යයි.. (Video)

October 29, 2020 at 12:02 am | lanka C news
MCC අත්සන් කරනවාද.. යන්න කලින් පොම්පියෝ කියා යයි.. (Video)

එම් සී සී ගිවිසුම ගැන අවසන් තීරණ ගැනීමේ නිදහස ශ්‍රී ලංකාව සතු බව මෙරට සංචාරයක නිරත වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වන තීරණය කුමක් වුවද දෙරට අතර සබඳතාවය නොවෙනස්ව එලෙසම පවතින බවද ඔහු පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මෙරට නිල සංචාරයේදී රැදී සිටි කෙටි කාලය ඇතුළත දෙරණ නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දීය.

එම්සීසී යෝජනාව ශ්‍රී ලංකාවට ඇමරිකාව විසින් පිරිනමා ඇති බොහෝ දේ අතුරින් එකක් පමණක් බවද සඳහන් කරන ඔහු එය නොගැලපෙන්නේ යයි ශ්‍රී ලංකාව සිතන්නේ නම් එය පිළිනොගෙන සිටීමට තීරණය කරනු ඇතැයි ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව සමගම ඇමරිකානු සබඳතාවයේ ශක්තිය ගැඹුර සංකීර්ණත්වය එක් ගණුදෙනුවකට එක් අවස්ථාවකට වඩා එහා ගිය එකක් ඇයි ද ඔහු කියා සිටියේය.

106,387 views

22 Comments to “MCC අත්සන් කරනවාද.. යන්න කලින් පොම්පියෝ කියා යයි.. (Video)”

  1. කමලා එදිරිමානසිංහ says:

    ලක් මවගේ දිරිය කතක්. මහ පුදුම විදියට ඉංග්‍රීසි බස හසුරවනවා, පොම්පියොත් පරාදයි. ඔබට ජය ජය ජය මෙනෙවියනි!

  2. කැප්පෙටිපොළ says:

    චින උඹ පෙර ගමන් යන්න අය්යන්ඩියේ
    සිංහලය පසු ගමන් එන්නම් මල්ලියේ
    පොම්පියෝ කොච්චිකඩේ ගියේ ආදේරට නොවෙයි සල්ලියේ
    සිංහලකම නැති කලේ පල්ලියේ

    ඇමරිකාවට ඉන්දිය බමුණො ලොකුවුනාට අපිට නැ ලොකු අය්යා
    ඉන්දියාවේ පණ්ඩිතකම් ලෝකෙට කය්යා
    අපි නැ රැවටෙන්නෙ ඉන්දියන් රාමා ගොය්යා
    දසරථ ජාතකයේ ඇත නියම රාමා හය්යා

    ඇමරිකාවට වඩා චිනයට මම ආදරෙයි
    කළගුණ අමතක නැ සාදරෙයි
    ප්‍රජාතන්ත්‍රවාදි වලිගෙ පාගාගෙන කැදරෙයි
    සිංහලයට මම ඔනවට වැඩිය ආදරෙයි

    රතන සුත්‍රය දෙසනවා මම හැමදාම
    තෙරුවන පමණයි පිහිට හැමදාම
    වසංගත නැ සදාකාලික හැමදාම
    බුදු හාමුදුරුවො සිංහලයට ආදරෙයි හැමදාම

  3. kamal says:

    ඔබේ පැමිණීම මගින් එම්සීසී හා සොෆා ගිවිසුම් වැනි ලංකාවේ ස්වාධීනත්වයට බලපාන දේ ගැන තීරණ ගන්නට යනවා නේද?

    ලංකාවේ ස්වාධීනත්වයට හෝ ප්‍රජාතන්ත්‍රවාදයට හානිවන කිසිවක් ගැන අප සාකච්ඡා කරන්න අදහසක් නැහැ. අප ලංකාව පමණක් නොවේ මේ සංචාරයේදී මා මුණ ගැසුණ අනෙක් කුඩා රටවල් වල පවා නිදහසට ගරු කරමින් සාකච්ඡා පැවැත්වුවා. ඒ නිදහස අප අගය කරනවා.

    පොම්පියෝ එනවා රට ඉවරඊ කියලා මැරෙන්ඩ හදපු criminal/haduson /අලපලුව/සානිකා / තව මෙකි නොකී නම් වලින් දවසේ වියදම හොයාගන්ට කොමෙන්ටු කොටන බත් බැලයට = රංජිත්ට බලාගන්ට දැම්මේ

    • ළිහිණි says:

      කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසියයුතුයි ….MCC ප්‍රශ්නය ගැන අපි නම් තවමත් ඉන්නේ සැකයෙන් ..එය අපේ රට අනතුරේ හෙළීමක්
      චීනය අපේ මිතුරෙක් කියමින් රටේ ජාතික සම්පත් ඔවුන්ට වසර 99 බදු දීම රට අනතුරේ හෙලීමක් නොවේද ?

  4. Saadin Bayya says:

    Topiya Dei Wena Koleka Othala…Bayyo Kaa Gahai MCC Gahuwe naha kiyala

  5. Fernando says:

    එම සී සී අත්සන් කරනු

    • CAT says:

      Fernando උබේ මොලේ අවුලක්ද ? මනෝ වෛද්‍යවරයෙක් හමුවෙයන් ..
      MCC අත්සන් නොකරනු ..අපේ රට ඇමරිකන් කොළනියක් බවට පත් නොකරනු ..ජනපති ගෝඨාභය කෙරෙහි තැබූ විශ්වාසය කඩ නොකරනු

  6. Boo says:

    පොම්පියෝ එනකොට කෑගහපු පිම්පියෝ මීක් නෑ.

  7. Demuni Uduwara says:

    We don’t need MCC from America although they give commission. We tell China to make new MCC as they don’t give commission.

Main News