අත්සන් 75ක් සූදානම්.. විශ්වාස භංගය මේ සතියේ කතානායකට.. රහස් ඡන්දයකින් අගමැති ගෙදර..

March 18, 2018 at 3:00 pm | lanka C news
අත්සන් 75ක් සූදානම්.. විශ්වාස භංගය මේ සතියේ කතානායකට.. රහස් ඡන්දයකින් අගමැති ගෙදර..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එරෙහි විශ්වාස භංග යෝජනාව මේ සතියේදී කතානායකවරයාට බාර දෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජිත්ද සොයිසා මහතා සදහන් කරයි.

අත්සන් 75ක් පමණ මෙම යෝජනාවට ලැබෙනු ඇති බවත් සදහන් කරන මන්ත‍්‍රීවරයා ශ්‍රීලනිප මන්ත‍්‍රීවරුන් දැනටමත් අත්සන් තබමින් සිටින බවත් එජපෙයෙන්ද කිහිප දෙනෙකු අත්සන් කරනු ඇති බවත් සදහන් කරයි.

එජාප, ශ‍්‍රිලනිප, දෙමල සන්ධාන පිරිසක්ද මේ සදහා ඡන්දය විමසන අවස්ථාවේදී සහයෝජගය දෙනු ඇති බවත් රහස් ඡන්දයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

0 views

8 Comments to “අත්සන් 75ක් සූදානම්.. විශ්වාස භංගය මේ සතියේ කතානායකට.. රහස් ඡන්දයකින් අගමැති ගෙදර..”

  1. Asaranaya says:

    Common Raani Alaya,! time to go home, End of your carrier now ” Kawudha Jora “, BAnku Jora”

    • sayumi says:

      ☺️☺️☺️

    • jayamal says:

      රනිල් සමඟ දේශපාලනයේ ඉදිරි ගමන් මඟ කාටත් ටිකක් අවුල් සහිත වෙයි. බැඳුම්කර මගඩියත් මහ දවල් මහා බැංකු කොල්ලයක් බව දැන් ජනතාවට ඔප්පු වෙලා ඉවරයි. ජන පදනම ගිලිහී ගොස් ඇති බව නම් ස්තීරයි.

    • jayamal says:

      සයුමි, කාලය ඩොට් ඕග් හි විශ්වාස භංගය කියෙව්වද?

  2. godaya says:

    Ethakota UNP new leadership ara Usa unta security job dena ekata dennada yanne

  3. Aurora says:

    රහස් චන්දයක් ලබාදීමට කතානායක එකඟ නොවිය හැකිය. කතානායකට රනිල් වචන 5 ක් කථාකළ හැටියේ කතානායක ඕනෑම නීතියක් රීතියක් ස්ථාවර නියෝගයක් බල්ලට දාල නියෝගය දුන් එකාගේ අවශ්‍යතාවය ඉටුකරනවා. එතකොට UNP මන්ත්‍රීවරු බයකරලා යෝජනාව පරදකරගන්න බලාවි. කොහොම උනත් ආණ්ඩුවට 2/3 නැතිවීම ඉතා වැදගත් UNP ය හෙට අනිද්දා ඉදිරිපත් කරනවා කියන ආණ්ඩුක්‍රම සංශෝධන වලදී, ඒ වගේම අතුරුදහන් කොමිසම පනත 2/3 සම්මත කරන්න සිදුවුනොත්. අධිකරණය ඒ තීන්දුව දේවි කියා බලාපොරොත්තුවෙනවා. තමුන්ට මින්මතු කිසිදා ජනාධිපති චන්ද දිනන්න බැරිනිසා UNP, JVP, TNA, NGO කාරයෝ ජනාධිපති තනතුර අහෝසි කරන්න දරන උත්සාහයත් ආණ්ඩුවට 2/3 නැතිවීමෙන් පරාදකරන්න පුළුවන්.

  4. Kig Pechang 1 says:

    Moda Choon.

  5. Wikramabahu says:

    Moda Choon,

    ethakota, JVP MP la 4 dena witharada ranilata support karanne?

Main News