අත්‍යවශ්‍ය ආහාර ආනයන නවතන්න වෙන බව ආනයනකරුවන් කියති.. තොග ඇත්තේ මාසයකට පමණයි..

September 23, 2021 at 12:00 pm | lanka C news
අත්‍යවශ්‍ය ආහාර ආනයන නවතන්න වෙන බව ආනයනකරුවන් කියති.. තොග ඇත්තේ මාසයකට පමණයි..

විදේශයන්ගෙන් මෙරටට ආනයනය කර ඇති අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය අඩංගු කන්ටේනර වරායෙන් නිදහස් කරගැනීමට අපහසුතා ඇති ව තිබෙන බව ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ හේතුවෙන් ඉදිරියේදී රටට අත්‍යවශ්‍ය ආහාර ඇති වීමේ අවදානමක් ඇතැයි එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසීය.

දැනටමත් එසේ ආනයන කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර 800ක් පමණ වරායේ රඳවා ඇති බව ද පැවසූ ඔහු ඒවා කඩිනමින් නිදහස් කර ගැනීමට නොහැකි වුවහොත් ආහාර හිඟයක් ඇති වනු ඇතැයිද කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක වී නිසි විසඳුමක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් එසේ නැති වුවහොත් ආනයනය සියල්ල නවතා දැමීමට සිදු වන බවත් දැනට ඇති ආහාර තොග ප‍්‍රමාණවත් වන්නේ ඔක්තෝබර් මස අවසන් වන තෙක් පමණක් ඔහු තව දුරටත් පැවසීය.

30,645 views

8 Comments to “අත්‍යවශ්‍ය ආහාර ආනයන නවතන්න වෙන බව ආනයනකරුවන් කියති.. තොග ඇත්තේ මාසයකට පමණයි..”

  1. පාවඩදෙණිය දොස්තර says:

    දැන් සියේට තුනේ ජෙප්පොයි ටැලිපෝන් අනාතයොයි මෙතන ඇවිත් වැලපේවි මා ඩිය බයි සොයුරු සොයුරියන් මේවයින් පැනික් වෙන්නෙපා අපි හෙළ යක්කු අපිට තියෙනව හෙළ ඔප්ෂන් සුද්දගෙ ගෑස් වෙනුවට හෙළ හෙරළි කොස් ඇට කාල බටයක් අල්ලමු පස්සට සුද්දගෙ ජපනගෙ වාහන වෙනුවට ගොන්නුම ලක්ස හැට නමයක් ඉන්න රටේ හදමු ගොන් කරත්ත කෑම නම් ඉතින් කැලෑ ටික ඔක්කොම කැපුවට තණබිම් ටික තාම ඉතුරු නෙ.ලොකු පෑවිල්ලක් තාම ආවෙත් නැති එකේ තණකොළ තියෙන්නෙ ඇති පදම් .ඇදුම් කැඩුම් උනත් කොළ අතු ටිකක් අමුඩ කෙටියක් හදා ගන්න අමාරුවක් නෑනෙ.ෆෝන් ටී වී වෙනුවට පරෙයි දුනු ඊතල හෙළ ක්‍රම වලට යමු.පර සුද්දගෙ එන්ටර්ටේන්මන්ට් වෙනුවට ඉන්ටනෙට් වෙනුවට අපි නටමු ගම්මඩු ඕන් නම් ජැක්සොන් ඇන්තනි ගෙනල්ල ලෙක්චර් එකකුත් ගතෑකි කෝමද රජ පවුල ශාක්‍ය වන්ශෙට නැදෑ සම්බන්දකම් ලැබුවෙ කියල.අපි හෙළයො හෙල යක්කු හෙලුවෙන් කන්න නැති තත්වෙට ගියත්.

  2. Consumer says:

    Don’t care silence from the Government side is troubling. ..

  3. Norata Eka says:

    අත්‍යාවශ්‍ය ආහාර මොකටද, අපිට අත්‍යාවශ්‍ය එන්නත් තිබෙද්දි , තුන් වේලටම විදගමු…

  4. ගොන් බයි වහලා says:

    මෙහෙමයි සෑර් දැන් කන්න හිග උනා කෑම වල ගණන් අහස උසට ගියා කියල අපිට ලොකු අවුලක් නෑ දෙරණෙන් හිරු එකෙන් අයි ටී එන් එකෙන් අපිට පෙන්නනව ඇමතිවරු මරා ගන්න හැටි විදේශ ආක්‍රමණ කොටි තම්බි නැගිටීම් .කුඩු කාරයන්ට කෑම ඕන් නෑ නෙ කුඩු සොට් එකක් තිබ්බොත් ඇති මත් වෙන්න ඒ වගෙ මේව තමා බයි අපිට මත් වෙන්න තියෙන්නෙ

  5. Kiribanda says:

    Palayalla geni darwoth Ekka pitarata. Apata kanna nehe merilawath yanawa nam

  6. Upali Abeysinghe says:

    OK. No problem. There are many to take over. Mo. More monopoly business. You are outdated.

  7. ගෞම් ඊයාරාජ් says:

    ගොං බෛයන්ට පුන්නක්කු ටික එනවනං එච්චරයි , කන්නයි , බොන්නයි ඉස්සෙල්ලා ඉන්න හිටින්න රටක් තියෙන්නෙපැයි. නොකා නොබී රට රකිමූ ! රාජපක්ෂ උත්තමයො රකිමූ !!

  8. Ranjan Wijesinghe says:

    No problem. Parliament canteen is open. The Idiots in the Cabinet must be waiting to drag bribe to release the food containers.

Main News