අත් පා ගැටගසා හිසට වෙඩි තැබූ මල සිරුරක් කැළණි ගගේ…

June 26, 2021 at 6:05 pm | lanka C news
අත් පා ගැටගසා හිසට වෙඩි තැබූ මල සිරුරක් කැළණි ගගේ…

අත් පා ගැටගසන ලද පුද්ගල මළ සිරුරක් කැලණි ගඟේ පාවෙමින් තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

මළ සිරුරේ අත් දම්වැලකින් බැඳ අගුල දමා ඇති බවත් හිසට වෙඩි පහරවල් දෙකක් එල්ල වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

පසුගියදා හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු යකඩ දම්වැලකින් අත් ගැට ගසා අගුළු දමා කණ්ඩායමක් විසින් රැගෙන ගොස් තිබූ බවට හංවැල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.

පොලීසිය සැක කරන්නේ මෙම මල සිරුර ඔහුගේ විය හැකි බවයි.

47,284 views

5 Comments to “අත් පා ගැටගසා හිසට වෙඩි තැබූ මල සිරුරක් කැළණි ගගේ…”

  1. විනීතා ලොකුගේ says:

    අසේල සම්පත්?

  2. 😪🤬😢 says:

    කුඩ්ඩන් ගැන දැන ඔත්තු දුන්නහම
    වෙනවා මේ වගේ කරුමද විඳින්නම
    මාළුව කට නිසා නහිනව දැනදැනම
    ගිල්ලා ඇමය වෛරය පිරි මහන්නම

  3. King Bull says:

    මේක කුඩුම ලෝකයක්

  4. MD says:

    ආරංචියේ හැටියට කට්ටඩිරාළ කෙනෙක් වගේ.අනියම් බිරියකුත් ඉන්නවලු.අවිගත්තෝ අවියෙන්ම නසීලු.ඉක්මනින් ධර්මය අවබෝධ කරගමු.ඵතන තියෙන සතුට ලෝකයේ කොහේවත් නැත.ඵතනයි ස්ථිර සතුට ඇත්තේ අනිච්චාවත සංඛාරා!තෙරුවන් සරණයි!

  5. Mangala says:

    උදේ හවස බණ කියන රටක් අනේ අපොයි

Main News