අති ජනප්‍රිය නාඩගම්කාරයෝ ‘සරා’ට කොරෝනා..
February 22, 2021 at 8:40 am | lanka C news
ජනප්‍රිය රංගන ශිල්පී සජිත අනුත්තර ඇන්තනී කොරෝනා වයිරසය ට ගොදුරු වී තිබේ.
ඔහු තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
තමන්ටද තම බිරිඳට වෛරසය ආසාදනය වී ඇති නිසා පසුගිය දිනවල තමන් හා ආශ්රිත වූ පිරිස් පරීක්ෂාකාරී වන ලෙස ඔහු ඉල්ලා සිටියි.
මේ දිනවල ස්වරණවාහිනියේ විකාශනය වන ‘නාඩගම් කාරයෝ’ ටෙලි නාට්‍යයේ අතිශය ජනප්‍රිය ‘සරා’ චරිතයට ඔහු රඟපෑමෙන් දායක වෙයි.
හොඳ කොල්ලෙක් සහ වැඩ්ඩෙක්. දෙපළටම ඉක්මන් සුවය පතමු!
ඇත්තෙන්ම හොඳ චරිතයක් ඔබ දෙදෙනාටම ඉක්මන් සුවට පතමු.