අති විශේෂ හෙළිදරවුව.. :: අම්පාරේ වඳ පෙති වලින් වහන්න හදන්නේ මොනවාද..?

February 28, 2018 at 10:15 pm | lanka C news
අති විශේෂ හෙළිදරවුව.. :: අම්පාරේ වඳ පෙති වලින් වහන්න හදන්නේ මොනවාද..?

අම්පාරේ ඇතිවුනා යැයි කියන සිද්ධිය පාදක කොටගෙන ඊයේ දිනය පුරාත්, අද දිනයේ මේ වනවතුරුත් සමාජ මාධ්‍ය ඔස්සේ ලැව් ගින්නක් සේ පැතිර යන විවිධ කට කතා අලලා එහි සැබෑ තොරතුරු නොදත් බොහෝ දෙනා විසින් නොදැන හෝ ඉටුකරන ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව ගැනත් එම සිද්ධියේ සැබෑ අගමුල් විහිදෙන්නේ කොහේ සිටදැයි නොදන්න අයගේ දැනගැනීම පිණිසත් මෙසේ හෙළි කර සිටිමු….

මෙම සැළසුම්සහගත කුමන්ත්‍රණය ආරම්භ වන්නේ පෙබරවාරි 10 වනදින පැවති මැතිවරණයෙන් පොහොට්ටුව ජයග්‍රහණය කළ පසුබිමකය. මැතිවරණය පැවති පෙබරවාරි 10 වනදායින් දින දෙකකට පසු එනම් පෙබරවාරි 12 වනදා ලංකාවේ ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී සංවිධානයක නියෝජිතයෙක් වන ”අමීන්” නමැත්තකු විසින් මුස්ලිම් මාධ්‍ය සංවිධානයක ලිපි ශීර්ෂයක් යටතේ ලංකාවේ ඇති සියලු මුස්ලිම් තානාපති කාර්යාල වලට ලිපියක් යවා ඇත. එම ලිපියේ සදහන් කොට ඇත්තේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නායකත්වය දරා ජයග්‍රහණය කළ පොහොට්ටුව පක්ෂය විසින් මුස්ලිම් ජනතාවට පහරදෙනවා යන්නයි. එම ලිපිය සමග ජායාරූප කිහිපයකුත් අමුණා සියලු තානාපති කාර්යාල වලට යවා ඇති අතර එම ජායාරූප ඉතා පැරණි ජායාරූපයි. එම ජායාරූප අතර යුධ සමයේ නැගෙනහිර පළාතේ ජයාරූපත්, ඉදි කෙරෙමින් පවතින මුස්ලිම් පල්ලි වල ජායාරූපත් බොහොමයක් තිබී ඇත.

මෙම ලිපිය සහ ජායාරූප මුස්ලිම් තානාපති කාර්යාල වලට ලැබීමත් සමග ඔවුන් විසින් ඒ පිළිබද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනුවත් කොට ඇති අතර එම අවස්ථාවේ පොදුජන පෙරමුණ කියා ඇත්තේ ඒවා පොලිසියට භාර දෙන ලෙසය. එවිට තානාපති කාර්යාල පවසා ඇත්තේ ඒවා තානාපති කාර්යාල වලට ලැබුණු ඒවා නිසා පොලිසිය දැනුවත් කළද ඊට මැදිහත්වීමට පොලිසිය අකමැති බවයි.

එවන් පසුබිමක මුස්ලිම් රටවල තානාපති කාර්යාල හරහා පොහොට්ටුවේ ජයග්‍රහණය මුස්ලිම් ජනතාවට විරුද්ධව යොදාගන්න බවට ලෝකයට කීමට නොහැකිවීම නිසා එම අන්තවාදී සංවිධාන ඔවුන්ගේ දෙවන සැළසුම් ක්‍රියාත්මක කරමින් සිටියි. අම්පාරේ වද පෙති නාට්‍යය හරහා දිගහැරෙන්නේ ඒ දෙවන සැළසුමයි. කුපිත වන බහුතර සිංහලයින් ලවා මුස්ලිම් ජනතාවට සහ පල්ලි වලට පහර දීගෙන ඒ හරහා ඔවුන්ගේ දෙවන සැලසුම සාර්ථක කරගැනීමේ උත්සහය මේ වනවිට සිදුකෙරෙමින් තිබේ.

ඒ සදහා ආණ්ඩුවෙන් ලැබෙන තල්ලුවත් සුළු පටු නොවේ මැතිවරණ පරාජයෙන් පසු ආණ්ඩුවේ අස්ථාවරභාවය, අගමැති තනතුරේ ඇති ගැටුම, හවුල් ආණ්ඩුවේ ගැටුම, ජාතික ආර්ථිකය කඩාවැටීම, මෙන්ම මහින්ද රාජපක්ෂට සහ මිළට ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂට පහරදීමට මෙම අම්පාරේ සිද්ධිය දඩමීමා කර ගැනීම ආණ්ඩුවේ මේ මොහොතේ සුදානමයි, ඒ වෙනුවෙන් ආණ්ඩුවේ මාධ්‍ය සහ කණ්ඩායමක් යොදා ගනිමින් සිටියි.

ආණ්ඩුවේ ඇමතිවරයෙක් විසින් කොල්ලුපිටියේ එක්තරා තැනකට රැස්කරන ලද ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍ය (facebook) ක්‍රියාකාරීන් පිරිසකටද දැනුම්දී ඇත්තේ එම ගැටුම ගැන වැඩි වැඩියෙන් කතාබහට ලක් කරන ලෙසයි. අදාළ ඇමතිවරයා ඔවුන්ට උපදෙස් දී ඇත්තේ අම්පාරේ අදාළ වීඩියෝව සිංහල ජනයාටත් සිද්ධියෙන් පසු ගිණි තැබීම වලදී ලබාගත් ජායාරූප මුස්ලිම් ජනයාටත් වැඩි වැඩියෙන් සන්නිවේදනය කරන ලෙසයි.

මේ මොහොතේ මේ සිද්ධිය හරහා ආණ්ඩුව උත්සහා කරමින් සිටින්නේ රටේ ජනතාවගෙන් ආණ්ඩුවට ඇති විරෝධාකල්පය මැඩ පැවැත්වීම සහ මේ දිනවල දැනෙමින් තිබෙන ජාතික මැතිවරණයක ඉගි වටහාගෙන ඒ වෙනුවෙන් ඉදිරිපත් වන්නට සුදානම් වන අපේක්ෂකයාට විරුද්ධව මතවාදයක් ගොඩ නැංවීමයි. එවන් පසුබිම මේ සැළසුම් සහගත කුමන්ත්‍රණය වටහා නොගන්නා බොහෝ දෙනා විසින් දක්වන ප්‍රතිචාර ග්‍රහණය කරගන්නට බලා සිටිනා අන්තවාදී සංවිධාන වලටත්, ආණ්ඩුවේ බලධාරින්ටත් ඔක්සිජන් ලබා නොදීමට වග බලා ගෙන මේ මොහොතේ ඉතා කල්පනාකාරිව කටයුතු කිරීමට සමස්ත රටවැසි ජනතාවම කටයුතු කළ යුතුය !

– දසුන් වානගුරු

101 views

15 Comments to “අති විශේෂ හෙළිදරවුව.. :: අම්පාරේ වඳ පෙති වලින් වහන්න හදන්නේ මොනවාද..?”

  1. ranil says:

    Ranil mahaththaya minisungey kalpanawa wena athakata yomu karanna karapu wedak. Kawadath unp cheaf ranil

    • ආකිමිඩිස් සිරිපාල says:

      කවුද මේ දසුන් වානගුරු කියන්නෙ? මහින්දට සපොර්ට් දෙනව වගේ පෙන්නලා යටින් හම්බ හැත්තට කත් අදින එකෙක් නේද?

    • Amda says:

      මේවට අහුවෙන්න එපා. !!
      මේ ජාතිවාදය අවුස්සලා වාසි ගන්නේ යහපාලකයො.
      මේකෙන් හූනෙක් මළත් ඒක මහින්ද ගෙ ගිනුමට බැර කරලා අපිට තියෙන චන්ද ටික කොල්ල කයි.
      මොලේ ඇතුව වැඩ කරන්න, මුන්ගෙ දහන්ගැට වලට අහුවෙන්න එපා.

      පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද පරදින්න ලොකුම වැඩ ටික කලේ හෙල කරුමය ලව්වා කොටපිටියේදී…අමතක කරන්න එපා.

      හරි මෙහෙම වැඩක් කලාමයි කියන්නකො….ඉතින් මොකටද උන්ව මරාගෙන කන්නේ?
      උන්ගේ කඩ වලට නොගිහින් හිටපන්කෝ…ඉවරයි නේ.

  2. daminda says:

    thirayata kumannthrana…..

  3. Gayantha says:

    Wenna puluwan. Rajitha saha patali kiyanne owata upan hapannu. Beruwala gema set karai ewun denna mahinda mahaththaya eda paraddanna. Ada samaharawita mun try karanne anduwai kachal mewa pitin yawala gotabaya mahaththaya 2020 dinana ekata kelawanna. Buddiyen waida karanna ona kalayak.

  4. Wijebahu says:

    Sure ekatama meyka passé kunu datha athi.

  5. karu says:

    Great piece of writing. We need this kind of people to see beyond what we really see. I think you have understood the situation correctly. This fact has to be understand by the leaders of SLLP and try not be a pray of those who set these kind of traps to create fear among minorities. This is happening over and over whenever the nationalistic forces are getting a momentum. We should learn from the mistakes made in the past. Majority of Sri Lankans love to live in peace and harmony like a sons and daughters of mother Sri Lanka irrespective of you are a Sinhalese, Tamil, Muslim or live in north south, east or west. Leaders of SLPP should take note of this. Up to now you all are behaving very rationally.
    I have never come a cross “sterilization tablets” in scientific literature, even if something similar can be there it cannot be given by mouth to get the desired effect as it is losing tits potency in the digestive tract because most of the enzymes are proteins. These are fabricated stories to create uneasiness among people.

  6. SAM says:

    අපේ අය රෙද්දේ වද පෙත්තක් කියවනවා………

    බෝම්බ බස් වල පිපිරැණ කාලේ සැක.කටයුතු බස් එකක් ලගින්වත් නොයන්න පරිස්සම් වෙච්ච එකාලාට තමන්ගේ ජීවිත ගැන සැලකිලි නම්

    වද නොවී ජීවත් වෙනවා කියලා හිතනවනම් මුස්ලිම් කඩ වලින් නොකා නොබී උන්ගේ සැක කටයුතු ව්‍යාපාර සේවා නොගෙන හිටපල්ලා ඉවරනේ..

    ජාතිය වද වෙන්නේ ඕවා ගෙන් නෙවේ අවුරැද්දකට බොන ටොන් ගානක.කුඩු වලින් වද වෙන්නේ සිංහලජාතිය.

    මම ඊයේ දැක්කා අගරදගුරැ මැල්කම් කාදිනල් තුමා තම තමන්ගේ මීසම් වල ෆාදර්ලාට කන්‍යා සහෝදරියන්ට කියනවා නිවරදිව තම තමන්ගේ කලාප වල කුඩු මත්ද්‍රව්‍ය වලට වැට බදින්න කමිටු පිහිටුවන්න කියලා.

    කෝ බං සිංහල ජාතිය වද කරනවා කඩු පොළු අරං වරෙං පාරට කියන එක හාමුදුරැ කෙනෙක් එහෙම තම තමන්ගේ පංසල වටේ දානේ දෙන දායකයන් රැක ගන්න වැඩ පිලිවෙලක් හදනවද?

    මේ ජාතිය වද බෙහෙත් දීලා වද වෙන්න කලිං වද බෙහෙත් සල්ලි වලටඅරං කැමැත්තෙන් වද වෙන එක ඔය කවුරැ කවුරැ හරි දැක්කද?

    පිරිසිදුවට තේ කෝප්පයක් දෙන්න ආචාරශීලීව තමනගේ ගණුදෙණු කාරයාගේ අවශ්‍ය තාවය ඉටු කරන්න සිංහල වෙලෙන්දන්ටත් කියපල්ලා.

    මිනිස්සුත් අරැන් අපව වද කරනවා කියලා ඊස්ට් දාපු කසිප්පු විදුර ගහගෙන බයිලා නොගහා විද්‍යාත්මකව දරැවන් සෑදිය හැකි සරැ පිරිමි ශක්තිය දිය නොකරගෙන වැඩ කරපල්ලා.

    ආත්මයෙන් වැටිලා අරක්කු වීදුරට රැපියල් දාහට අපේ මන්ත්‍රී තුමා පත්වෙලා අපට රස්සා දෙයි කියලා හීන මවන්නේ නැතුව හැකියාවට යමක් කරපල්ලා.

    උන්ට වද බෙහෙත් නෙවේ අවශ්‍ය නම් උඔලට බෝම්බත් ගිල්ලවන්න පුළුවන් උඔලා උන් ලගට ගියොත්නේ. උන් ඒකට අඩු කරන රැපියල ගනන් බලන්න අවඔ්‍ය නොවන ආර්ථික හැකියාවක් උඔ හදා ගත්තොත් උන්ට උඔ බෙහෙත් දීලා වද කරන්න බෑ.

    හිතෙන් වද නොවී ලෝකය ඉස්සරහා මිනී මරන මිලෙජ්‍යයන් නොවී අනුන්ගේ බෙදුම්වාදී ව්‍යාපෘති වලට අහු නොවී තමන්ගේ ආරක්ෂාව

    බෝම්බ ගහන කාලේ බස් එකක යනකොට විමසිලිමත් වුනා වගේ තමන්ම සපයා ගනිල්ලා.

    අන්තිමට දෙකොන පත්තු කරපු විලක්කු අතට දීලා කංකාරිය නටවන්න බලා ඉන්න උන්ගේ උගුල් වලට අහුවෙන්න එපා

    ………නුවන් මොණරවිළ ………….

    • Ds says:

      Masuran vatina kathawak macho… Uba Inna one parliament eke…

    • sanidu sooriarachchi says:

      Well said. If you refuse cigarette, drugs and alcohol, you ,your family and nation be protected .

    • Critic says:

      I do 100% agree with SAM! It’s a brilliant comment!

    • Sadda says:

      සැබෑ සිංහලයින්ට සෑම්ගේ මේ කතාව ඉතා වටිනවා. ඉවසුම්සහගතව සෑම්ගේ කතාවට් කන් දීපල්ලා. කිසිවකුට අපිව බලෙන් වද කරන්න බැහැ.

      • aniwa says:

        I couldn’t have put this better myself !
        This is the bitter truth but the majority of our banana-land voters won’t understand this.

        Also media like cnews really have to be responsible in this situation, please don’t try to take cheap political advantage from sensitive issues like these. Please please.

    • Amda says:

      Well Said Bro!

  7. kumara says:

    ethakota me thnbiyinta patasgala lamayi hambawennayi ape unta applo gihin,,,ivf,iui karagena awurudu 10 15 passe hambawennayi monawahari rahasak ethi,,,mun kalayak thisse mewa apita saruwath,,,ice cream..kema walata dal denawa,,,,aniwa shuwar,,,,,,,okunge kadaene hematenama cool spot,,,wade kade okkoma…….me mun karanna unge gana 20% wenak itapasse enne kadu aran bella kapanna

Main News