අතීතයේදීත් අතිශය දුෂ්කර කාලවලදී උත්සව සැමරැවා..

April 15, 2022 at 8:02 am | lanka C news
අතීතයේදීත් අතිශය දුෂ්කර කාලවලදී උත්සව සැමරැවා..

අලුත් අවුරුද්ද වෙනුවෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිකුත් කර ඇති සුබ පැතුම මෙහි දැක්වෙයි.

ලාංකිකයන් වන සිංහල, දෙමළ අප කාටත් මේ උදාවූයේ වසරේ මහෝත්කර්ෂවත්ම මංගල්‍යයය ලෙස සැලකෙන සිංහල – දෙමළ අලුත් අවුරුද්දයි. දෙදහස් පන්සිය වසරක දීර්ඝ, ලාංකික ඉතිහාසය ඇතුළත අපි මෙම මහා සංස්කෘතික මංගල්‍යයය අප‍‍‍ගේ ජාතික උරුමයක් සේ සලකා අනාගත පරපුරට දැනෙන පරිදි ඉහළින්ම සැමරුවෙමු.

අතීතයේ පවා අප මුහුණ දුන් අතිශය අසීරු, දුෂ්කර කාලපරිච්ඡේදයන්හිදී ද මෙවැනි උත්සව සැමරීම කිසිවිටෙක අපට අමතක වූයේ නැත. ඒ් , අපේ අනාගත දරු පරපුරට ස්වීය සංස්කෘතික වටිනාකම් හඳුන්වාදීමට මෙවැනි අවස්ථා තරම් යෝග්‍ය අන් කිසිදු අවස්ථාවක් නොමැති බැවිනි.

මේ වන විට අප පමණක් නොව මුළු මහත් සියලු ලෝවැසියන් සිටින්නේ, ආර්ථික සහ සමාජයීය වශයෙන් අසීරු අභියෝගයකට මුහුණ දෙමිනි. එසේ වුවද නූතන පරපුරට ඉපැරණි , දේශජ සංස්කෘතික මූලයන් අනාගත පරපුරට දායාද කරලීමට එළඹෙන මෙවන් සුවිශේෂී අවස්ථා අප කිසිසේත් මඟ හැරිය යුතු නැති බව මගේ හැඟීමයි. එනමුත්, නොවැළැක්විය හැකි විවිධ හේතු නිසා අපට පසුගිය වසර කිහිපයකදීම අලුත් අවුරුද්ද සිත්සේ සැමරීමට නොහැකි විය.

සෑම සිංහල – දෙමළ අලුත් අවුරුද්දකදීම මවකගේ අපේක්ෂාව වන්නේ, සිය දරු දැරියන් සියලු දෙනාගේ කුස මෙන්ම සිතද එකසේ ප්‍රීතියෙන් පුරවාලීමයි. අපේ දෙමාපිය -වැඩිහිටියන් මේ අලුත් අවුරුද්දේ නැකතට අනුව, මහගෙදර‌ට එක්වන ස්වකීය පවුලේ සියලු දෙනාහට ආදර ගෞරවයෙන් සලකනු මෙන්ම ඒ ස්නේහ සිත්පෙරදැරිව අසීරුවෙන් දිවිගෙවන වටපිටාවේ අසල්වැසියන්, සිය දුර ඈත ඥාතීන් වෙත හෘදයාංගමව තමන් හා එක්ව සිරිත් විරිත් කරන්නට ඇරයුම් කරනු ඇතැයි මම අවංකව බලාපොරොත්තු වෙමි.

25,718 views

17 Comments to “අතීතයේදීත් අතිශය දුෂ්කර කාලවලදී උත්සව සැමරැවා..”

  1. Helaya says:

    Me kalakanni buruwa kiyanne demala minisun awrudu 2500 ta kalinnuth lankawe hitiya kiyalada buruwo lanka ithhasaya igenagan sinhala jathiya heellu karana jathidrohi paharaya me wage buruwo me wage then walata yawanna epo

  2. Rf says:

    මූ පාර්ලිමේන්තුවෙ කතාකරන්නෙ මෙච්චරයි…”බොහොම ස්තුතියි වාඩිවෙන්න” තොගෙ මොන ප# අහන්නද බොල තෝත් අයින්වෙලා යම බල්ලා…..

  3. Sam says:

    Pala Nakiya Yanna.

  4. ඇයි එයා ගෝනියක් ඔලුවේ දාගෙන ඉන්නේ 🤔🤔🤔 තට්ටෙ වැහෙන්නද 🤨

  5. LS says:

    ගරු කථානායක තුමනි, කරුණාකර ඉතිහාසය හරියට ඉගෙන ගෙන එන්න. බක් මාසයේ සමරන අවුරුද්ද ක්‍රි. ව. 1250 ස් ගණන් වල කාලිංග මාඝ නම් වූ ආක්‍රමණිකයා බලෙන් පැවරූ එකකි. ඊට කලින් මෙහි නව වසර වෙසක් පොහොය දිනයයි.

  6. Neela says:

    The New Year Festival in Sri Lanka has been originated out of the Hindu New Year Festival of Sītāvaka Period (1521-1592). International Journal of Arts and Commerce Vol. 3 No. 9 December, 2014

Main News