අතීතය සිහිගැන්වූ පාරම්පරික තිරික්කල් රෙස් තරඟාවලිය…
March 11, 2019 at 5:30 pm | lanka C news
කිලිනොච්චිය වැසින්ගේ වසර 50 කට අධික කාලයක සිට පැවත එන පාරම්පරික තිරික්කල් රේස් තරඟාවලිය මෙවරද කිලිනොච්චිය අක්කරායන් ප්‍රදේශයේදී උත්සවාකාරයෙන් පැවත්වුණි.
අක්කරයාන් කෘෂිකාර්මික සංගමය විසින් මෙම තිරික්කල් රේස් තරඟාවලිය සංවිධානය කොට තිබූ අතර තිරික්කල් රේස් තරඟාවලියට සඳහා වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් හා යාපනය යන දිස්ත්‍රීක්කයන්හි ඉතා ජව සම්පන්න ගවයින් ජෝඩු78 ක් සහභාගී වී තිබුණි.
එහිදී ගවයින් ජෝඩු 78 කාණ්ඩ 5 ක් යටතේ තරඟ වැඳුනු අතර සෑම කණ්ඩායමකම පළමු, දෙවන හා තුන්වන ජයග්‍රාහකයින් වෙනුවෙන් මුදල් හා ත්‍යාග ප්‍රධානය කිරීමට සංවිධායකිය්න විසින් පියවර ගෙන තිබුණි.
උතුරේ ජනතාව අතර අමතක වී යන මෙම තිරික්කල් රේස් ගරඟ නැවත ජනප්‍රියත්වයට පත් කිරීමත් මස් පිණිස ගවයින් ඝාතනය කිරීමෙන් වැලක්වීමටත් මෙවැනි තරඟයක් සංවිධානය කිරීම සංවිධායකියන්ගේ අරමුණ විය.
– වන්නි රොමේෂ් මධුෂංඛ