අතුරැදහන් වූ තරැණයාගේ පවුලේ ඥාතීන්ට චෝදනා ගොනු කෙරේ..
September 16, 2016 at 10:27 pm | lanka C news
පසුගියදා පොලිස් අත්අඩංගුවෙන් අතුරැදහන් ව පසුව පොලිසිය බාර වූ 21 හැවිරිදි ජී.ජී. ගයාෂාන් නම් තරැණයාගේ පවුලේ ඥාතීන්ට එරෙහිව චෝදනා ගොනු කරන බව පොලිසිය කියයි.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තරැණයා විසින් ප්රකාශ කර ඇත්තේ තමනට සැගවී සිටීම සදහා සොහොයුරන් දෙදෙනා උදවු කල බවත් ඒ අනුව බෙලිඅත්තේ හා වීරකැටිය ඥාති නිවෙස්වල සැඟවී සිටි බවත්ය.
මේ හේතුව මත පවුලේ ඥාතීන්ගෙන් ප්රකාශ ලබා ගැනීමටද පියවර ගන්නා බව පොලිසිය සදහන් කරයි.