අතුරුගිරිය රෝහල රෝගීන් බාර ගැනීම තවතයි.. වෛද්‍යවරයෙක් ඇතුළු කාර්ය මණ්ඩලය නිරෝධායනටය..

November 8, 2020 at 3:01 pm | lanka C news
අතුරුගිරිය රෝහල රෝගීන් බාර ගැනීම තවතයි.. වෛද්‍යවරයෙක් ඇතුළු කාර්ය මණ්ඩලය නිරෝධායනටය..

අතුරුගිරිය රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී තිබේ.

ඒ හේතුවෙන් රෝහලට රෝගීන් ඇතුළු කිරීම අද පෙරවරුවේ සිට තාවකාලිකව අත්හිටුවා ඇත.

ආසාදිතයා සමග සමීප වූ වෛද්‍යවරයකු, හෙදියන් හයදෙනෙකු සහ තවත් කාර්ය මණ්ඩලය තිදෙනකු ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

රෝහලේ දැඩි සත්කාර ඒකකය හා බාහිර ප්‍රතිකාර අංශය සමාන්‍ය පරිදි පවත්වාගෙන යයි.

15,856 views

2 Comments to “අතුරුගිරිය රෝහල රෝගීන් බාර ගැනීම තවතයි.. වෛද්‍යවරයෙක් ඇතුළු කාර්ය මණ්ඩලය නිරෝධායනටය..”

  1. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු

  2. අජානීය ඉස්කූටර් says:

    මහින්ද මහත්තයගේ සාත්තරකාරයනුයි කට්ටඬියොයි කීවා නම් පවිත්‍රා නෝනව මුහුදට බිලිදීමෙන් කොරෝනා හොඳ වෙනවා කියලා.. පවිත්‍රා නෝනා කොච්චර බෑ කිව්වත් , සොරිම තමා…

Main News