අතුරුදන් අයෙකුගේ මළ සිරුර බෙන්තර ගගේ පාවේ..

November 11, 2018 at 2:07 am | lanka C news
අතුරුදන් අයෙකුගේ මළ සිරුර බෙන්තර ගගේ පාවේ..

අතුරුදන්ව සිටි අයෙකුගේ මළ සිරුරක් ඇල්පිටිය, අවිත්තාව ප්‍රදේශයේ බෙන්තර ගගේ පාවෙමින් තිබියදී ඇල්පිටිය පොලීසිය මගින් සොයා ගෙන තිබේ.

මෙම මල සිරුර ඇල්පිටිය, සුබගම පදිංචිව සිටි අඹගහගේ ඩයස් (75) නැමැති අයගේ බවට ඔහුගේ ඥාතීන් විසින් හදුනාගෙන තිබේ. මොහු පසුගිය 06 වන අගහරුවාදා දින සිට අතුරුදන්ව සිට තිබෙන අතර 07 වැනි දින ඒ සම්බන්ධයෙන් පිටිගල පොලීසියටද පැමිණිල්ලක් කර තිබේ.

මෘතදේහය ඇල්පිටිය මූලික රෝහලට ගෙන ගොස් තිබූ අතර මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් (10) දින සිදුකර තිබේ.

මියගිය අය නිවසින් අතුරුදන්ව සිටි බවත් එයින් පසු මල සිරුර හමුවන තෙක්ම ඔහු පිළිබදව පවුලේ අයට කිසිදු තොරතුරක් දරන ගැනීමට ලැබී නොමැති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. කුමන හෝ හේතුවක් මත මියගිය අය ගග අසලට යන්නට ඇති බවත් එයින් පසු ගගට වැටෙන්නට ඇති බවත් පොලීසිය විශ්වාස කරයි. මෙම මරණය, සැකකටයුතු බවට මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවද ඇල්පිටිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ඇල්පිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ජනක සම්පත්, උප පොලිස් පරීක්ෂක සනත් මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

– ජයකාන්ත ලියනගේ

763 Viewers
Main News