අතුරුදන් ටෙලිකොම් සේවකයා දෑස් බැද මහ පාරේ දමා ගිහින්.. කළු වෑන් එකකින් උස්සලා තග දාලා..
February 1, 2017 at 8:40 am | lanka C news
පසුගිය 28 වන දා සිට අතුරුදහන්ව සිටි ටෙලිකොම් මෑන්පවර් සේවකයන්ගේ සංගමයේ උප සභාපති එස්.එම්. මංගල මහතා අද අලූයම ඉංගිරියේදී හමු වී තිබේ.
සොයාගන්නා අවස්ථාවේදී ඔහුගේ දෑස් රදි කඩකින් බැද තිබී ඇත.
පොලීසිය වෙත ඔහු පවසා ඇත්තේ තමන් පසුගිය 28 වන දා නිවස බලා යමින් සිටියදී කළු පැහැ වෑන් රථයකින් පැමිණි පිරිසක් තමන් පැහරගෙන ගොස් සිරකර තැබූ බවයි.
ටෙලිකොම් මෑන්පවර් සේවක වර්ජනය නවත්වන ලෙස තර කරන ලෙස එම පිරිස තමාට බල කළ බවද ඔහු සදහන් කර ඇත.