අතුරුදහන් පාසල් සිසුවියගේ සිරුර මවුස්සාකැලේ ජලශයේ පාවෙමින් තිබියදි හමුවේ…

February 4, 2019 at 12:40 pm | lanka C news
අතුරුදහන් පාසල් සිසුවියගේ සිරුර මවුස්සාකැලේ ජලශයේ පාවෙමින් තිබියදි හමුවේ…

නිවසින් දින තුනක් තිස්සේ අතුරුදහන්ව සිටි පාසල් සිසුවියකගේ මල සිරුර මවුස්සාකැලේ ජලාශයේ පාවෙමින් තිබියදි එම පාසල් සිසුවියගේ ඥාතින් විසින් අද (04) හදුනාගත් බව මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ටිරොන් රත්නායක මහතා පැවසිය.

මෙසේ ජලාශයේ පාවෙමින් තිබියදි හමු වි ඇත්තේ මස්කෙලිය ග්ලැන්ටින් වතුයායේ පදිංචි  සෞන්දරාජ් ගිතලා නැමති 16 හැවිරිදි සිසුවියගේ සිරුරයි.

එම සිසුවිය දින තුනක් තිස්සේ නිවසින් අතරුදහන්ව සිටින බවට ඇගේ ඥාතින් විසින් මස්කෙලිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

මස්කෙලිය පොලිසියට පිටුපස ජලාශයේ කාන්තා මල සිරුරක් පාවෙමින් තිබෙන බවට එම ජලාශයේ ධිවර කටයුතු වල නියැලි සිටින ධිවරයන් විසින් මස්කෙලිය පොලිසියට අද උදැසන දැනුම් දි තිබේ.

ජලාශයේ පාවෙමින් තිබු සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයගේ මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂනය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව මස්කෙලිය පොලිසිය පැවසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

19 views

One Comment to “අතුරුදහන් පාසල් සිසුවියගේ සිරුර මවුස්සාකැලේ ජලශයේ පාවෙමින් තිබියදි හමුවේ…”

  1. Saradiel says:

    අනිච්චාවත සංස්කාරා ‘ නිවන් සැප ලැබේවා …

Main News