අතුරුදහන් පුද්ගලයෙකුගේ මළ සිරුර දෙසතියකට පසු කැලෑවකින් හමු වෙයි…

June 24, 2019 at 2:02 am | lanka C news
අතුරුදහන් පුද්ගලයෙකුගේ මළ සිරුර දෙසතියකට පසු කැලෑවකින් හමු වෙයි…

වවුනියාව, පණ්ඩාරිකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි පසුගිය ජුනි 08 වැනිදා සිට අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් වවුනියාව පුලියන්කුලම, පෙරියමඩු ප්‍රදේශයේ කැළෑවක තිබී හමු වූ බවට ඕමන්ත පොලීසිය පවසයි.

මෙසේ පෙරියමඩු කැලෑවේ තිබී හමු වූ මළ සිරුර පිළිබඳ වැඩිදුර පරික්ෂා කිරීමේදී අදාල පුද්ගලයා වවුනියාව පණ්ඩාරිකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි ඉලංසිංහම් දේවරාසා නමැති 74 හැවිරිදි පුද්ගලයෙකුගේ බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

අදාළ පුද්ගලයා ජුනි 08 වැනිදා සිට අතුරුදහන්ව  ඇති බව ඥාතීන් වවුනියාව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී ප්‍රදේශවාසියෙකු විසින් මළ සිරුර පිළිබඳව පොලීසියට දැනුම් දීමෙන් අදාල ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් අනාවරනය කොටගෙන ඇත්තේ මළ සිරුරට ගිනිගෙන ඇති බවටත් එය ගිනි තබා සිදුකරන ලද ඝාතනයක්ද යන්න පිළිබඳව පරික්ෂණයක් අරඹා ඇති බවටද ඕමන්ත පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views
Main News