අතුරුදහන් වු තිදරු පියෙකුගේ අස්ථි කොටස් තේ වතු යායක තිබි හමුවේ..

August 19, 2019 at 2:26 am | lanka C news
අතුරුදහන් වු තිදරු පියෙකුගේ අස්ථි කොටස් තේ වතු යායක තිබි හමුවේ..

මිට මාස 9 කට ප්‍රථම අතුරුදහන් වු තිදරු පියෙකුගේ සිරුරේ අස්ථි කොටස් තේ වතුයායක තිබි හමු වු බව බගවන්තලාව පොලිසිය පැවසිය.

මෙසේ අස්ථි කොටස් හමු වි ඇත්තේ බගවන්තලාව කොටියාගල වත්තේ පහල කොටසේ පදිංචි එස්.සෙල්වම් (45) වයසැති අයගේ අස්ථි කොටසුයි.

අතුරුදහන් වු අයගේ බිරිද සහ දරුවන් විසින් අස්ථි කොටස් තිබි හමු වු ස්ථානයේ තිබු ඇදුම් කොටස් වලින් මෙම අතුරුදහන් වු අයෙගේ අස්ථි කොටස් බවද හදුනාගෙන ඇත.

අතුරුදහන් වු අය භාවිතා කරන ලද  ජංගම දුරකථනය ඔස්සේ බගවන්තලාව පොලිසිය විසින් විමර්ෂණයක් ආරම්භ කර ජංගම දුරකථනය තවදුරටත් ක්‍රියාකාරි තත්ත්වයේ තිබිම නිසා එම දුරකථනය වර්තමානයේ භාවිතා කරන හිමිකරු ජංගම දුරකථනයේ ඉමි අංකය අනුව සැකපිට  අත්අඩංගුවට ගෙන  ප්‍රශ්න කිරිමේදි එම ජංගම දුරකථනය තේ වතුයායේ තිබි අහුලාගත් බව සැකකරු පැවසිමෙන් පසු තේ වතුයායේ අද කල මෙහෙයුමකදි මෙම අස්ථි කොටස් සොයා ගැනිමට බගවන්තලාව පොලිසිය සමත් වි ඇත.

කොටියාගල වත්ත ප්‍රදේශයෙන් හමු වු අස්ථි කොටස් සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු අස්ථි කොටස් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි අදාල ස්ථාන වෙත යොමු කරන බව බගවන්තලාව පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

2,266 Viewers
Main News