අතුරුදහන් වූවන්ගේ කාර්යාලය යාපනයේ වැඩ අරඹයි.. අතුරුදන්වූන්ගේ ඥාතීන් විරෝධතා…
July 15, 2018 at 6:48 pm | lanka C news
යුදසමයේදී අතුරුදහන් වූවන් පිළිබඳ සෙවීමට පත්කල කාර්යාල නිලධාරීන් මේ දිනවල යාපනය දිස්ත්‍රීක්කයේදී විමර්ශනය කෙරෙන අතරතුර එම කාර්යාලය පිළිබඳ කිසිදු විශවාශයක් නොමැති බව පවසමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් විරෝධතාවක නිරත වූහ.
යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපිටදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා උතුරු පලාතේ අතුරුදහන්වූවන්ගේ ඥාතීහු රැසක් සහභාගී වී සිටියහ.
එහිදී අතුරුදහන් වූවූන්ගෙ ඥාතීහු විසින් විරෝධතාවක නිරත වෙමින් කියා සිටියේ ,
දින 500 කට වැඩි කාලයක් මේ වන විට මුලතිව්හි ,කිලිනොච්චිය, හා වවුනියාව දිස්ත්‍රීක්කයන්හි සත්‍යග්‍රහයක නිරත වෙමින් තම අතුරුදහන් වූ දරුමුණුබුරන් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා සිටියද මෙතෙක් තමන්ට පිළිගත හැකි විසඳුමක් නොලැබුනු අවස්ථාවක රජය විසින් පත්කොට ඇති මෙම අතුරුදහන් වූළුන්ගේ කාර්යාලය පිළිබඳවද තමන්ට කිසිදු විශ්වාශයක් නොමැති බවටත්ය.
එමෙන්ම යුද්දය නිමා වී වසර 09 ක් ගෙවී ඇති අවස්ථාවක අතුරුදහන් වූවන් වෙනුවෙන් පැවති රජය හෝ වත්මන් රජය විසඳුමකු නොදීමත් මේ වන විට පත් කොට ඇති අතුරුදහන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලයත් රැවටීමක් පමණක් බවටද එය ජාත්‍යන්තරයට පෙන්වීම සඳහා පමණක් ගත් උත්සහයක් මිය අතුරුදහන් වූවන් වෙනුවෙන් සාධාරණයක් නොලැබෙන බවට එම වැසියන් වැඩි දුරටත් කියා සිටියහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඒ අහිංසක එළුවො මැරුවහමනේ.
අධර්මිෂ්ට පපතාරයෝ මැරුවට එහෙම නෑ.
ඔහොම හිතුවනම් වීර දුටුගමුනුල , ධර්මාශෝක ල වැනි ශ්‍රේෂ්ට නරපතියෝ කිසිදා මෙලොව බිහි නොවනු ඇත.