අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට විරෝධතා කරුවන්ගෙන් ගොම ප්‍රහාරයක්..
October 2, 2019 at 5:30 pm | lanka C news
යුද සමයේදී අතුරුදහන් වූවන් සොයාදෙන ලෙස ඉල්ලා යාපනයේ සංවිධානය කරන ලද විරෝධතාවයකදී විරෝධතා කරුවන් පිරිසක් විසින් යාපනයේ අතුරුදහන් වූවන් සොයා බැලීමේ කාර්යාලයට ගොම ප්‍රහාරයක් ඊයේ (01) දින එල්ල කොට ඇත.
යාපනය ආදියපාදම් මාර්ගයේ පිහිටි මෙම අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ සොයා බැලීමේ ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිටදී ඊයේ දිනට යෙදී තිබූ ජාත්‍යන්තර ළමා දිනය වැඩිහිටි දිනය වෙනුවෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් හා යුද්ධයෙන් මියගිය අයගේ ඥාතීන් පැවැත්වු විරෝධතාවක් පැවැත්වු අවස්ථාවේ අදාළ කාර්යාලයට එලෙස ගොම ප්‍රහාරයක් එල්ල කර ඇත.
යුද සමයේ අතුරුදහන්වූ තම දරුවන් හා වැඩිහිටියන් සොයාදෙන ලෙසට හා යුද්ධයෙන් මියගිය තම දරුවන්ගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙසට ඉල්ලීම් කරමින් ආදාල පිරිස එලෙස විරෝධතාවයේ නිරත විය.
විරෝධතාකරුවන් අතුරුදහන්වූවන්ගේ හා යුද්ධයෙන් මියගිය පිරිස්වල ජායාරූප ප්රදර්ශනයකරමින් පැවසූවේ රජය අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට යැයි පවසමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් මුලා කිරීමට අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් වන කාර්යාලයක් විවෘත කළද ඉන් කිසිදු සෙතක් මේ වන විට සිදුව නොමැති හෙයින් එම කාර්යාලය පිළිබඳව කිසිදු විශ්වාශයක් නොමැති බවටත් එම කාර්යාලය යාපනයට හෝ උතුරට අනවශ්‍ය බවටය.
එමෙන්ම මෙරට අතුරුදහන්වූවන්ගේ ගැටළුවට හා යුද සමයේ සිදුවු යුද අපරාධ වෙනුවෙන් දේශීය ක්‍රියාවලියක් තුළින් සාධාරණය ඉටු නොවන බැවින් ඒ වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් වහාම පැවැත්විය යුතු බවද විරෝධතාකරුවන් ඩැඩිදුරටත් පැවසූ අතර විරෝධතාව අවසානයේ එහි සිටි පිරිසක් විසින් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට විරෝධතාවය පල කරමින් මෙසේ ගොම ප්‍රහාර කිහිපයකද එල්ල කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඔව් ඔව් 88/89 අතුරුදහන් වෙච්ච 60,000 කට අධික පිරිස ගැනත් හොයා බලන්න ඕනෙ. පියානෝ ගෙ පුතානෝ යි රතු අලියි ඒ ගැන හොදට දන්නව ඇතිනෙ..
පුතානෝ ඒකාලයේ රෙදි ගලේ ගහලා රෙදිටික හෝදා දෙන ගැටයා, ( දවල් කාලයේ පමනී, රැට රෑට නිදන් හෑරීමේ කටයුතු ) පියානෝ සහා පින්ගුත්තරයානෝ සමග රතු අලි බෙටි පැටව් ගේ වැඩ කටයුතු ඒවා
eeeeeyaaaaaaaaaaa…
උතුරෙ ඉදන් ඇවිත් දකුණෙ බෝම්බ පුපුරුවලා මිනිස්සු සුන්නත්දූලි කරපුවට වන්දි ගෙවන්නෙ කවුද බොලව්
ඔය අතුරුදන් වූවන්ගේ කාර්යාලය එන්ජීඕ තිත්පොලක්! රැකියාවලට බදවා ගැනීම වගෙ දේවල් කරන්නෙ කිසිම විනිවිදභාවයකින් තොරව. මහජන මුදල් කන විදේශවල පදයට නටන රාජ්‍ය ආයතනයක් කිව්වොත් නිවැරදියි!