අතුරුදහන් වූවන්ගේ සත්‍යග්‍රහයට දින 800 යි මෙතෙක් විසඳුමක් නැති බව කියමින් විරෝධතා…

May 1, 2019 at 2:02 am | lanka C news
අතුරුදහන් වූවන්ගේ සත්‍යග්‍රහයට දින 800 යි මෙතෙක් විසඳුමක් නැති බව කියමින් විරෝධතා…

වව්නියාවේ අතුරුදහන් වූවන් විසින් යුද සමයේදී අතුරුදහන් වූවන් සොයාදෙන ලෙස ඉල්ලමින් ආරම්භ කල සත්‍යග්‍රහයට දින 800 ක් ගත වුනද මෙතෙක් පිළිගත හැකි විසඳුමක් නොලැබුනු බව පවසමින් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

වව්නියාව තැපල් කාර්යාලය ඉදිරිපට ආරම්භ කොට ඇති සත්‍යග්‍රහය ඉදිරිපිට මෙම විරෝධතාව සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් රැසක්ද සහභාගී වී සිටියහ.

විරෝධතාවයේ නිරත වූවන් කියා සිටියේ යුද්දය අවසන් වී වසර 10 ක් ගතවීමටද ආසන්න වී ඇතත් මෙතෙක් යුද්දය හේතුවෙන් අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් කිසිදු විසඳුමක් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවටත් අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 800 ක් ගෙවී ඇතත් මේ දක්වා තමන්ට විසඳුමක් නොලැබීම හේතුවෙන් වහාම ජාත්‍යන්තරය මැදිහත් වී එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් හෝ තමන්ට විසඳුමක් ලබා දෙන ලෙසට රජයට බලපෑම කරන ලෙසටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,437 Viewers

5 Comments to “අතුරුදහන් වූවන්ගේ සත්‍යග්‍රහයට දින 800 යි මෙතෙක් විසඳුමක් නැති බව කියමින් විරෝධතා…”

  1. පරමා says:

    තව්හිද්ලා එයි…. බලාගෙන..

  2. Saliya says:

    මේ මොන ගොන් වෑඩක්ද…. ත්‍රස්තවාදින් එක්ක එකතු වෙලා විනාශ වෙලා දෑන් අතුරුදහන් කියන්නේ… ප්‍රභාකරන් එක්ක උන්නු ඔක්කොම කොටි විහින්ම මෑරුනු බව නොකියා…රජය අපහසුතාවයට දාන්න වගේම…අන්තර්ජාතික ප්‍රජාවෙන් අනුකම්පාව ගන්න වගේම…. රජයට වගකිම පටවලා අපහසුතාවයට පත් කරන්න හදන්නේ… මේ වඩේ පිටි පස්සේ ඉන්නෙ කාරයො වගෙම…දෙමළ ඩයස්පොරාව, දෙශපාලන වාසි ගන්න ආපු දෙශපාලුවො තමා…..
    තමුන්ගෙ දරුවො, ගෙදර මිනිස්සු ත්‍රස්තවාදින් කරලා දෑන් රජයට බෑන බෑන ඉන්නවා…. තමුන් කල වෑරෑද්ද හදාගන්න බෑරි බව දන්නේ නෑතුව….

    • kumdhar says:

      එකනම් සහතික ඇත්ත…. LTTE ත්‍රස්තවාදින් එක්ක එකතු වෙලා විනාශ වෙලා, ත්‍රස්තවාදින්ම වළදාපු, පුළුස්සපු ත්‍රස්තවාදින්ගේ නෑ පිරිස් දැන් අතුරුදහන් කියන්නේ.
      සමහර උන් යුරෝපීය රටවලට පැනගිහිල්ල, Refugee Status අරන්. දැන් අතුරුදහන් කියන්නේ.

      • sinha le says:

        මේ කරන්නේ ලෝකය ඉදිරියේ අපේ රට අපකීර්තියට පත් කිරීමක් ….මේTNA ඊළම් දේශපාලකයන්ගේ බලපෑම්වලට සිදු කිරීමක්
        ලෝකයේ සැමතැනම සරණාගතයින් ලෙස ජිවත් වන දෙමළ කොටින් මේ අතුරුදහන් වී ඇති පිරිසට අයිතියි .ඔවුන් වෙනස් නම් වලින් සැපසේ ජිවත් වේ සමහරෙක් LTTE ත්‍රස්තවාදීන් සමග සටන්කර ඔවුන්ම ඔවුන්ගේ ජිවිත විනාශ කරගෙන ඇත …
        අතුරුදහන් වී ඇති දෙමළ ජාතිකයින් වැඩි දෙනෙක් තමිල්නාඩුවෙන් අපේ රටට හොරෙන් ඇවිත් LTTE යට උදව් කල මිනිස්සු බව කවුරුත් දන්නා දෙයකි

  3. gonsun says:

    Missing Persons were buried in cemeteries of the LTTE, long time ago and only 8 people are unaccounted for who has gone abroad. I know this as I was with KP looking after the money. Once in a while I robbed a few dollars to eat Mongolian Rice in Kwalalampur. Some one who has occult powers told me that they are all in Hell including George Bush Snr, R.P of UNP, Jayalath Jayawardana and others who nurtured and supported the LTTE secretly.

Main News