අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා යාපනයේදී විරෝධතා…

December 11, 2017 at 2:16 am | lanka C news
අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා යාපනයේදී විරෝධතා…

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තේන් යුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා (10) යාපනයේදී විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.

කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම් හා යාපනය යන දිස්ත්‍රීක්කයන්හි ක්‍රියාත්මක පුරවැසි කමිටු මගින් මෙම විරෝධතා පාගමන සංවිධානය කොට තිබූ අතර විරෝධතා පාගමන වෙනුවෙන් යුද්දයෙන් අතුරුදහන් වූළුන්ගේ ඥාතීන් රැසක් සහභාගී වී සිටියහ.

යාපනයේ දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතා පා ගමන කොවිල් වීදිය ඕස්සේ ගමන් කරමින් යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යලය දක්වා ගමන් කරනු ලැබීය.

විරෝධතාව අවසානයට දෙමළ ජාතික සන්ධානයේ පලාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතාද සහභාගී වී ඇති අතර එහිදී විරෝධතා කරුවන් විසින් අතුරුදහන් වූවන් වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් ඇතුලත් සන්දේශයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිලධාරීන් වෙතට භාරදෙනු ලැබීය.

එහිදී විරෝධතාවයේ නිරත වූවන් කියා සිටියේ යුද්දය අවසන් වී වසර 08 ක් ගත වී ඇතත් අතුරුදහන් වූවන් වෙන්ුවෙන් කිසිදු විසඳුමක් ලබා දීමට පැවති රජයන් මෙන්ම වත්මන් රජයද අපොහොසත් වී අතරම එහෙයින් උතුරේ වැසියන් විශාල පිරිසකගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති හෙයින් ජාත්‍යන්තරයද මැදිහත් වී අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ලබා ගැනීමට වත්මන් රජයට බලකරන මෙන් ඉල්ලා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

77 views

2 Comments to “අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා යාපනයේදී විරෝධතා…”

  1. CORBRA says:

    අතුරුදහන් වූ සියලුම දෙමල ජාතිකයින් වෙනත් නම් වලින් යුරෝපයේ කැනඩාවේ ඇතුළු ලෝකයේ දියුණු රටවල සරණාගතයන් ලෙස සැපට ජීවත්වේ
    මේ සමහර පුද්ගලයන් උතුරේ දෙමල කාන්තාවන් සමග විවාහ වී සිටින අය වුවත් නැවත වෙනත් කාන්තාවන් සමග විවාහවී ඒ රටවල ජිවත් වේ
    අතුරුදහන් වූවන් වෙන්ුවෙන් කිසිදු විසඳුමක් ලබා ගැනීමට නම් විදේශ රටවල සිටින දෙමල සරණාගතයින් පිලිබදව
    සොයා බැලුවහොත් මේ අතුරුදහන්වූ පුද්ගලයින් සොයාගැනීමට හැකිය ඔවුන් බොරු නම් බොරු හදුන්වීම් පත්‍ර වලින් සැපට ජීවත්වේ
    මේ සරණාගතයින් අතර LTTE මිනිමරුවන්ද ඇත ..සොයාබලන්න

  2. Dayani says:

    See how racist these people, who are being provoked by Tamil politicians.!!! They are being brainwashed by the dirty politicians and asking for missing Tamils.!!!
    They should ask LTTE murderers and TNA where the missing prople are, as the bogus campaigns will go on until they get a Federal State and later bllody EELAM.!!!
    Sinhalese lost their kith and kin too, but these selfish Tamils don’t think or care about others who died.!!!
    We cannot trust racist Tamils still spreading bogus propaganda and falsely crying as their demands are really unfair.!!!!

Main News