අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විරෝධතාවක…

December 12, 2019 at 2:04 am | lanka C news
අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විරෝධතාවක…

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් වව්නියාවේ අතුරුදහන් වූවනගේ ඥාතීන් විසින් යුද්දයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා විරෝධතාවක නිරත වූහ.

වව්නියාව තැපල් කාර්යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර එහිදී යුද්දය හේතුවෙන් අතුරුදහන් වූවන්ට විසඳුම් ඉල්ලා වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් සත්‍යග්‍රහයක් ආරම්භ කොට දින 1025 ක් මේ වන විට ගෙවී ඇති බවටත් මේ වන තුරුත් අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුමක් ලබා දීමට කිසිදු රජයකට නොහැකි වීමෙන් යුද්දයේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවටද එම ඥාතීන් කියා සිටිති.

එමෙන්ම යුද්දයෙන් පසුව වසර 10 කට වැඩි කාලයක් ගෙවී ඇතත් මේ දක්වා පැවති කිසිදු රජයක් විසින් තමන්ට පිළිගත හැකි විසඳුමක් ලබා දීමට නොහැකි වූ අතරම පසුගිය රජය විසින් අතුරුදහන් වූවන් වෙනුවෙන් පත් කල කාර්යාලයද කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවටත් අතුරුදහන් වූවන් වෙනුවෙන් ලබා දීමට නියමිත යැයි පැවසෙන වන්දි මුදල්ද තමන්ට පිළිගැනීමට නොහැකි බවට විරෝධතාවයේ නිරත වූවන් පවසා සිටිති.

යුද්දය වෙනුවෙන් අතුරුදහන් වූ 35,000 කට අධික පිරිස් වෙනුවෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කොට ඔවුන්ට සිදු වූවවේ කුමක්ද යන්න නිශ්චිත නිගමනයකට එලඹ වරද කරුවන්ට දඩුවම් ලැබිය යුතු බවටද විරෝධතා කරුවන් වැඩි දුරටත් පවසා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,027 Viewers

5 Comments to “අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විරෝධතාවක…”

  1. Laksman says:

    This is absurd. All know that theses people were either killed in action or fled the country. In an active war, both side lose lives and most of them can not be recovered. They obviously know what happened to these terrorists like all SL solders who are still MIA. This is an effort to discredit Sri Lanka. Had we had the war still, uncountable number of lives would have been lost by now. These idiots should know that.

  2. අංකූරා says:

    මුලු ලෝකෙම පීරලා බැලුවොත් ඔය අතුරුදහන් වෙච්චි බොහෝම දෙනෙක් හොයාගන්න පුලුවන් වේවි !!. ඕක ඩයස්පෝරාවත් දන්නවා , ඇත්තටම පිළිතුරු දෙන්න ඕනෑ ටිකකුත් ඇති !!!.

  3. MD says:

    Sayanaide kare ellagena gihin sinhala,Damila,Muslim ahinsaka kiri kati daruwo,tarunayo,hamuduruwaru,wayasaka minissu,samannya minissu marala ewayen pratilaba labagena(mahaviru pawul)dan enawa athurudhan kiyala ayemath kolam natanna.bambuwa

  4. Athurudahan una ayaya vadidenek pitaratawala indala obe semata salli evanava. Anek ayay LTTE ekata gihin maruna kiyala oba dannava. Gamapitin LTTE karayo maradala athurudahan karapu aya gene kataha karana kenek netha. Demala janathawa usiganwa sadarane illanne Rata sah samajaya poduwe vagakeemak ganna beriven vidhata Thrusthawadeen own mara demu nisa. Rajaya podu wagakeemen thrusthawadeengen rata bera gathathata passe monawada illanne me thrusthawadeenta udaw kala venama ratak illa desha drohee thrustha wadeen ekke weda karapu aaya. Kotharam nam gam sangawagena pitaratawala hitiyathhondata hoyala dennada umbalata sadaranayak?

  5. Dilshan says:

    Most of them you may find in UK, Canada,Swis,India, Ect… Please do it first without making problems to the government.Please just check..

Main News