අතුරුදහන් වූ තෙල් බවුසර ටැංකි පොලව යටින් මතුවෙයි….

September 1, 2022 at 5:30 pm | lanka C news
අතුරුදහන් වූ තෙල් බවුසර ටැංකි පොලව යටින් මතුවෙයි….

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක වලදමා තිබූ ඉන්ධන බවුසර ටැංකියක් ඊයේ (31) සවස ගොඩගැනීමට පියවර ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

පුදුකුඩිඉරිප්පු පොලීසියට ඉන්ධන සහිතව බන්ධන බවුසරයක් වලදමා ඇති බවට ලැබුනු තොරතුරකට අනුව ඒ පිළිබඳව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී මහෙස්ත්‍රාත් ආර්. සර්වණරාජා මහතාගේ සහභාගීත්වයෙන් සහ නියෝගයන් යටතේ ඉන්ධන බවුසරය ගොඩගැනීම සිදුකරන ලදි.

පුදුකුඩිඉරිප්පු පොලීසියේ ප්‍රධානත්වයෙන් මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය, යුදහමුදාව සහ ග්‍රාමසේවක යන අයගේ සහයෙන් අදාල ඉන්ධන බවුසර් ටැංකිය මුලතිව් මහෙස්ත්‍රාත් වරයා ඉදිරියේදී ගොඩගැනීම සිදුවිය.

ඉන්ධන බවුසර් ටැංකිය ගොඩගන්නා විට එය දැඩි ලෙසින් දිරාපත්ව තිබූ බවටත් එහි ඉන්ධන කිසිවක් නොතිබූ අතරම එය යුද සමයේදී කොටි ත්‍රස්ත සංවිධානය විසින් ඉන්ධන මතු ප්‍රයෝජනයන් සඳහා වලදමන්නට ඇතැයිද පොලීසිය සැක පල කර සිටීය.

කෙසේ වෙතත් යුදසමයේදී අතවශ්‍ය සේවා වශයෙන් දකුණෙන් උතුරට පවාහනය කරන ලද ඉන්ධන බවුසර් වව්නියාව සහ කිලිනොච්චිය අතරතුර තිබූ කොටි ත්‍රස්ත පාලන ප්‍රදේශයන්වලදී කොටි ත්‍රස්ත සාමාජිකයින් විසින් ඉන්ධන බවුසර් නවත්වා එවායේ ඉන්ධන ටැංකිය පිටින්ම බලහත්කාරයෙන් රැගෙන යාම් කිහිපයක්ම වාර්ථා විය.

එහෙයින් අදාල ඉන්ධන ටැංකිවලින් එකක් මෙලෙස ගොඩගත් බවුසර් ටැංකිය විය හැකි බවටද පරික්ෂණ සිදුකරන පොලීසිය සැක පලකර සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

74,842 views

3 Comments to “අතුරුදහන් වූ තෙල් බවුසර ටැංකි පොලව යටින් මතුවෙයි….”

  1. කරුනා says:

    අන්තිමේ ප්‍රභාකරන් පොලව යටින් මතු උනා කියලත් කියාවි.

  2. ගමේ කොල්ලා says:

    මොන බොරුද ඕයි , ඔය හුරතල් චුටි කොටි පූස් පැංචො ඔව්වගේ එව්ව සෙල්ලමට වත් කොරන්නෑ . ඒගොල්ලො ඕන්නං කක්ක බෙට්ටක් නං බාගෙටෙ වැලි වලිං වහාවි . පිස්සු !

  3. Sri Lankan says:

    This is not a bowser tank. This is a tank buried in filling stations for storing of fuel.

Main News