අතුරුදහන් සිව්දරු මවගේ සිරුර මහවැලි ගගේ පාවෙමින් තිබි හමුවෙයි..

January 30, 2019 at 8:02 am | lanka C news
අතුරුදහන් සිව්දරු මවගේ සිරුර මහවැලි ගගේ පාවෙමින් තිබි හමුවෙයි..

අතුරුදහන්ව සිටි සිව්දරු මවකගේ සිරුරක් මහවැලි ගගේ තිබි (29) පස්වරුවේ සොයාගත් බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙසේ මහවැලි ගගේ පාවෙමින් තිබි සොයාගන ඇත්තේ නාවලපිටිය බලංතොට පදිංචි එම්.හින්මැණීකේ නැමති 84 හැවිරිදි සිව්දරු මවගේ සිරුරයි.

මිය ගිය කාන්තාව මිට දින තුනකට ප්‍රථම තම තේ වත්තේ තේ දළු නෙලිමට ගොස් අතරුදහන් වි ඇති බවට එම කාන්තාවගේ දරුවන් විසින් නාවලපිටිය  පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය විසින් පොලිස් සුනඛයන්ද යොදාගෙන ප්‍රදේශය පුරා මෙහෙයුමක්ද සිදු කර තිබුණි.

මිය ගිය කාන්තාවට අයත් තේ වත්තට පහලින් මහවැලි ගගේ කිලෝමිටරයක් පමණ  පහළින්  ගගේ පාවෙමින් තිබියදි ප්‍රදේශවවාසින් විසින් සිරුර දැක එ බැව්  පොලිසිය දැනුම් දි ඇත.

තේ වත්තේ දළු නෙලමින් සිටියදි මිය ගිය කාන්තාව ජලය ලබා ගැනිමට මහවැලි ගග අසලට බසින්නට ඇති බවත්, එම කාන්තාව මහවැලි ගගේ සැඩ පහරට ගසාගෙන ගොස් ජිවිතක්ෂයට පත් වෙන්නට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය සැකකරයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

34 views

One Comment to “අතුරුදහන් සිව්දරු මවගේ සිරුර මහවැලි ගගේ පාවෙමින් තිබි හමුවෙයි..”

  1. Saradiel says:

    නිවන් සැප ලැබෙිවා

Main News