අතුරුදහන් සිසුන්ගේ මළ සිරුරු මුලතිවු වෙරලට ගොඩගහයි..

October 19, 2017 at 12:40 pm | lanka C news
අතුරුදහන් සිසුන්ගේ මළ සිරුරු මුලතිවු වෙරලට ගොඩගහයි..

දීපාවලී නිමිත්තෙන් මුලතිව් මුහුදේ දිය නාමින් විනෝද වී සිටයදී මුහුදු රලට ගසාගෙන ගොස් අතුරුදහන් වූ උසස් පෙල සිසුන් දෙදෙනාගේ මළ සිරුරු අද (19) උදෑසන සහ ඊයේ සවස හමු වූ බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

මේ අනුව මුලතිව් මුහුදේදී අතුරුදහන් වූ 18 හැවිරිදි විනොදන් කෘෂ් නැමති සිසුවාගේ මළ සිරුර නාවික හමුදාව ,පොලීසිය හා මුලතිව් ධීවරයින් සිදු කරන ලද සෝදිසි වලදී ඊයේ සවස වන විට හමු වී ඇති අතර 18 හැවිරිදි ඇන්ටන් දිනොෂන් සිසුවාගේ මළ සිරුර ඊයේ සොයා ගැනීමට නොහැකි විය.

කෙසේ වෙතත් අද උදෑසන මුලතිව් මුහුදු තීරයට නුදුරින් පිහිටි චලෙයි මුහුදු තීරයේදී මුහුදු වෙරලට ගසාගෙනවිත් තිබු මළ සිරුරක් පිළිබඳ ධිවරයින් පිරිසක් විසින් නාවික හමුදාවට හා පොලීසියට දැනුම් දී ඇති අතර පසුව නාවික හමුදාව හා පොලීසිය අදාල ස්ථානය ගොස් සිදු කරන ලද විමර්ශන වලින් හෙලි වී ඇත්තේ අදාල මළ සිරුර අතුරුදහන් වූ අනෙක් සිසුවා වූ ඇන්ටන් දිනොෂන්ගේ බවටයි.

ඊයේ සවස මුලතිව් මුහුදු තීරයේදී දීපාවලී දිනය නිමිත්තෙන් උසස්පෙ හදාරන සිසුන් 7 දෙනෙකු දිය නෑමට ගොස් සිටියදී ඉන් දෙදෙනෙකු අතුරුදහන් වීමෙන් පසුව මෙසේ අතුරුදහන් සිසුන් දෙනොගේ මළ සිරුරු හමු විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

58 views

3 Comments to “අතුරුදහන් සිසුන්ගේ මළ සිරුරු මුලතිවු වෙරලට ගොඩගහයි..”

  1. aniwa says:

    guys, do not swim in the sea, unless the water is definitely calm and also you can swim well.
    never underestimate the power of the water.

  2. Kings says:

    Very sad. how many young boys died like this incidence? Dear young boys. Be carefull when you are swim in the sea.

  3. Raawanaa says:

    Den ithin ara sakkiliyo tika okata kiyayida danne nehe, mekath hamudaawe wedak kiyala

Main News