අතුරු සම්මත ගිණුම ඉවත් කර ගැනිමෙන් ආණ්ඩුව බරපතල අර්බුදයක.. වියදමට සල්ලි නෑ..

February 22, 2020 at 3:50 pm | lanka C news
අතුරු සම්මත ගිණුම ඉවත් කර ගැනිමෙන් ආණ්ඩුව බරපතල අර්බුදයක.. වියදමට සල්ලි නෑ..

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම ආපසු ඉල්ලා අස් කර ගැනීමත් සමඟින් ආණ්ඩුව හිග බිල්පත් පියවීමට බරපතළ අර්බුදයක් ඇතිව තිබේ.

තම ණය සීමාව ඉහල දමා ගැනීම සඳහා ආණ්ඩුවට නව පාර්ලිමේන්තුව රැස්වන තෙක් මිටීමට සිදු වෙයි.

බොහෝ දුරට පාර්ලිමේන්තුව ලබන මස මුල් දිනවල විසුරුවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තුව එළඹෙන මැයි මාසයේදී පමණ කැදවීමේ හැකියාවක් ඇත.

එම කාලය තුළ මෙම හිග බිල්පත් ගෙවා ගැනීම සදහා මේ වන විට බරපතළ අර්බුදයක් ඇති බව ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ නමුත් ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදල මුදල් භාවිතා කිරීමට හැකියාවක් ඇති නිසා රජයේ සෙසු කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.

18,472 Viewers

5 Comments to “අතුරු සම්මත ගිණුම ඉවත් කර ගැනිමෙන් ආණ්ඩුව බරපතල අර්බුදයක.. වියදමට සල්ලි නෑ..”

  1. නැව් අධිපතියා says:

    ඕකත් කජ්ජක්ද…. ??
    ඕකේ කිහිප දෙනෙකුගේ බැංකු තැන්පත් එලියට ඇදල දැම්මනම් රටම ගොඩ….

  2. Nawodhi says:

    After dissolving Parliament, President gets all powers on money matters. Then how problems can come fools?

  3. Nelum says:

    කවුරු වත් බය වෙන්න ඕන නෑ. යහපාලනේ වගේ ඇහැ කන කට පියාගෙන නොදැක්කා වගේ ඉන්නේ නෑ. ඒකට ගැලපෙන දෙයක් අනිවාර්යෙන් කරනවා. ජනාධිපති ගැන අපට විස්වාසයි.

  4. john the baptice says:

    යු එන් පියට සාප වේවා මුන්ට චන්දය දීමෙන් වළකිමු

  5. David Milli-banda says:

    Because there would be no money to pay 60 parliamentarins pension…………
    Now these bugger will regret. Damn good.
    If they knew Gota was going to take this decision, then would have voted for the bill.

    Kala…kala they….. pala…pala they………… Hulang mung 60 ta denata.
    hamadaama sellang behe.

Main News