අතුල පීරිස් ගේ ‘පිංකම’ ග‍්‍රීසියට..

May 9, 2017 at 2:08 am | lanka C news
අතුල පීරිස් ගේ ‘පිංකම’ ග‍්‍රීසියට..

ග‍්‍රීසියේ පැවැත්වෙන INPUT–2017 ජාත්‍යන්තර රූපවාහිනී සම්මේලනයේදී තිරගත කිරීම සදහා ජාතික රූපවාහිනිය මගින් නිෂ්පාදනය කරන ලද අතුල පීරිස්ගේ ”පිංකම” ටෙලි නාට්‍යය තෝරා ගෙන ඇත· ශ‍්‍රී ලංකාව වෙනුවෙන් තෝරා ගෙන ඇති එකම නිර්මාණය මෙය පමණි. මෙම නිර්මාණ දැක්ම මැයි 07 සිට 11 දක්වා ග‍්‍රීසියේදී පැවැත්වේ·

මෙම උත්සවය සදහා ලෝකයේ රූපවාහිනී නාලිකා විශාල ප‍්‍රමාණයක නියෝජිතයින් මෙන්ම රූපවාහිනී නිර්මාණ පිළිබ`ද විශේෂඥයෝද සහභාගී වෙති· එසේ ම ABU ජාත්‍යන්තර සම්මාන උළෙලේදීල අවසන් වටයට ද තේරී පත් වුණි ·

මෙම නාට්‍යයේ ජයලත් මනෝරත්නල ජයනි සේනානායකල චන්දන ඉරුගල් බණ්ඩාරල අස`දි දෙව්තිළිණි සහ ලංකා බණ්ඩාරනායක රංගනයෙන් දායක වූහ. මෙහි සංගීතය නවරත්න ගමගේ වන අතර කැමරාකරණය රෝහණ සමරවීරය. ආලෝකකරණයෙන් සෝමරත්න පෙරේරා ද සංස්කරණයෙන් දිමුත් කුරුප්පුද මේ සදහා දායක වෙති.

– රූපවාහිනී

52 views
Main News