අතෙන්ද.. බුලත් කොලෙන්ද.. පොහොට්ටුවද.. දැනට තීරණය මෙන්න..

November 10, 2018 at 10:53 pm | lanka C news
අතෙන්ද.. බුලත් කොලෙන්ද.. පොහොට්ටුවද.. දැනට තීරණය මෙන්න..

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණය සදහා එක් පෙරමුණක් යටතේ තරග කිරිමට මේ වන විට මූලික වශයෙන් එකග වී තිබේ.

ඒ අනුව මේ මොහොතේ දේශපාලන පිටියේ වඩාත්ම ජනප‍්‍රිය ලකුණකින් තරග කල යුතු යයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස වි ඇත.

නව ලකුණු හෝ සන්ධාන ජනප‍්‍රිය කරවීමට කාලයක් නොමැති කම නිසා වඩාත්ම සුදුසු වන්නේ දැනට පවතින ජනප‍්‍රියම දේශපාලන ලකුණ වන පොහොට්ටුව යටතේ තරග කිරීම යයිද ඔහුවගේ අදහසයි.

අද දිනය පුරා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන්, වෘත්තිය සමිති, අනු සංවිධාන ආදී සියල්ල සමග පැවති සාකච්චාවලදීද අවධාරණය වී ඇත්තේ ඒ හා සමාන අදහස්ය.

මැතිවරණය ජයග‍්‍රහණය කිරීම මිල ලකුනු ගැන මේ මොහොත් අවධානය යොමු නොකල යුතු බවත් වඩාත්ම වාසිදායක ලකුණක් භාවිත කරමින් ඊට තරග කල යුතු බවත් පොදුජන පෙරමුණේ අදහස වී තිබේ.

මේ සම්බන්දයෙන් වන තීරණාත්මක සාකච්චාවක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුලු ශ‍්‍රීලනිප ප‍්‍රධානීන් සමගින් හෙට දිනයේ පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

64 views

15 Comments to “අතෙන්ද.. බුලත් කොලෙන්ද.. පොහොට්ටුවද.. දැනට තීරණය මෙන්න..”

  1. Rohantha says:

    අත අතහරින්න වේවි.

    • සිරිකොත says:

      මහින්ද ගොන් බෙට්ටෙන් ඉල්ලුවත් දිනුම නියාතයි. ලකුණ නෙමෙයි , මහින්ද තමයි බ්‍රෑන්ඩ් ඒක.

    • sayumi says:

      මේ වෙලාවේ කාටත් වඩාත් වාසි දායක ජනතාව චන්දෙ දෙන්න ආසාවෙන් බලා සිටින පොහොට්ටුවෙන් තරඟ කිරීමයි. අලුත් ලකුණකින් හෝ අත /පුටුව /බුලත් කොලේ වැනි යල්පැන ගිය ලකුනු දැන් වැඩක් නැහැ

      එහෙම නේද ජයමල් ?

    • supun says:

      mada waguraka hadunath nelum mala pirisidui..
      atha oonama disaawakata harawanta puluwan.
      ratata aadare karana mithrani. me majara desapaalanayen rata jaathiya aagama goda ganta nam
      pirisidhu bawa sankethawath karana NELUM. POHOTTUWA. thooraagena ratata pirisidu paalanayak
      udaa karanta NELUM POHOTTUWA thooraaganimu,

  2. Chamara says:

    Bulath Kole

  3. Pohottuwa Tama hodama. Nattam Chanda kadenawa

  4. Mama Putuwata says:

    Putuwa

  5. Gayantha says:

    පොහොට්ටුවෙන් ඉල්ලන්න. මහන්සිවෙලා හදපු පක්ශ්නේ. කොහොමත් නායකකම මහින්ද මහත්තයා ගාව තියාගන්න ඔන. සිරිසේන ගොය්යා සත පහකට විශ්වාස කරන්න නරකයි. මොකද මිනිහට තමයි යන එනමන් නැතුව හිටියේ. මහින්ද මහත්තයාට උපරිමේට රැල්ල තියෙනවනේ. ඒකේ එල්ලිලා සිරිසේන ලොක්කා ගොඩ යන්න හදනවා වගේ අපිට පෙන්නේ.

  6. Nimal R says:

    සන්ධානගත නොවී පොහොට්ටුවෙන් ඉල්ලන්න. සන්ධානගත වෙන්න ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂ මහතා අත හැරගිය හොරුන්ට ගොඩ එන්නටයි.

  7. Philip says:

    Pohottuwa
    If any other, lose 10%
    Then better go separately

  8. S.B. says:

    දැන් ඉතින් කුලල් කා ගනිල්ලා…

  9. SL Community says:

    POHOTTUWA should be the symbol. People choice is POHOTTUWA no other choice.

  10. vishnu says:

    පොහොට්ටුව හැර වෙනකිසිවක් එපා
    my3 විස්වාස කරන්න එපා

Main News