අතෙන්ද.. බුලත් කොලෙන්ද.. පොහොට්ටුවද.. දැනට තීරණය මෙන්න..

November 10, 2018 at 10:53 pm | lanka C news
අතෙන්ද.. බුලත් කොලෙන්ද.. පොහොට්ටුවද.. දැනට තීරණය මෙන්න..

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණය සදහා එක් පෙරමුණක් යටතේ තරග කිරිමට මේ වන විට මූලික වශයෙන් එකග වී තිබේ.

ඒ අනුව මේ මොහොතේ දේශපාලන පිටියේ වඩාත්ම ජනප‍්‍රිය ලකුණකින් තරග කල යුතු යයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස වි ඇත.

නව ලකුණු හෝ සන්ධාන ජනප‍්‍රිය කරවීමට කාලයක් නොමැති කම නිසා වඩාත්ම සුදුසු වන්නේ දැනට පවතින ජනප‍්‍රියම දේශපාලන ලකුණ වන පොහොට්ටුව යටතේ තරග කිරීම යයිද ඔහුවගේ අදහසයි.

අද දිනය පුරා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන්, වෘත්තිය සමිති, අනු සංවිධාන ආදී සියල්ල සමග පැවති සාකච්චාවලදීද අවධාරණය වී ඇත්තේ ඒ හා සමාන අදහස්ය.

මැතිවරණය ජයග‍්‍රහණය කිරීම මිල ලකුනු ගැන මේ මොහොත් අවධානය යොමු නොකල යුතු බවත් වඩාත්ම වාසිදායක ලකුණක් භාවිත කරමින් ඊට තරග කල යුතු බවත් පොදුජන පෙරමුණේ අදහස වී තිබේ.

මේ සම්බන්දයෙන් වන තීරණාත්මක සාකච්චාවක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුලු ශ‍්‍රීලනිප ප‍්‍රධානීන් සමගින් හෙට දිනයේ පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

64 views

15 Comments to “අතෙන්ද.. බුලත් කොලෙන්ද.. පොහොට්ටුවද.. දැනට තීරණය මෙන්න..”

  1. Dulip says:

    Jayawewa pihottuwata

Main News