අදත් අගමැති පුටුව මහින්දටයි.. ජනපතිගෙන් ගැසට් නිවේදන නෑ.. එනතෙක් චේත‍්‍රධාරී නෝ හෙල්ලුම්.. කතානායක අමාරුවේ..

November 15, 2018 at 8:40 am | lanka C news
අදත් අගමැති පුටුව මහින්දටයි.. ජනපතිගෙන් ගැසට් නිවේදන නෑ.. එනතෙක් චේත‍්‍රධාරී නෝ හෙල්ලුම්.. කතානායක අමාරුවේ..

අද දිනයේදීද පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේදී අගමැති ආසනය මහින්ද රාජපක්‍ෂ මහතාට පැනවීම සිදුවනු ඇති බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයා හා වේත‍්‍රධාරියා මීට පෙරද සදහන් කර ඇත්තේ තමන් වැඩ කරන්නේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදන අනුව බවයි.

ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතා ඉවත් කලේ යයි ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරන තෙක් හෝ නව අගමැතිවරයෙක් පත් කලේ යයි ගැසට් නිවේදනයක් නිකුත් කරන තෙක් එසේ කටයුතු කරනු ඇත.

මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පක්‍ෂය විසින් අද දිනයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ බලෙන් අසුන් ගැනීමේ සූදානමක් ඇති බවයි.

32 views

16 Comments to “අදත් අගමැති පුටුව මහින්දටයි.. ජනපතිගෙන් ගැසට් නිවේදන නෑ.. එනතෙක් චේත‍්‍රධාරී නෝ හෙල්ලුම්.. කතානායක අමාරුවේ..”

  1. සීගිරි says:

    මේ ජනාධිපති ,අගමැති හා මේ පාර්ලිමේන්තු හොර රැල සමගම මේ නව යටත් විජිත රාජ්‍යය අතුගා අපේ රට පිරිසිදු කර ගමු…1978දී JR ට මුවා වී එංගලන්තයේ සුද්දන් හැදු 1978 ව්‍යවස්ථාව නම් වූ “කූඨ ලේඛණය” කර පින්නාගෙන හරි වැරදි ගැන තර්ක විතර්ක කරන මේ අමනයින්ගේ විගඩම බලන් හිටියා දැන් හොඳටම ඇති !!!!
    සුද්දගේ ව්‍යවස්ථාව මුළු රටම පිස්සන් කොටුවක් බවට පත් කර ඇත..
    හොර පවුල් , කූඨ ව්‍යාපාරික හවුල් ,දෙබිඩි පුරවැසියන්, NGO නඩ,බටහිර අතකොළු පිටු දකිමු… !!!! දූෂිතයන්,හොරැන්,මිනී මරැවන්,ත්‍රස්තවාදී කණ්ඩායම් එක්වී ජනතාවට, මව්බිමට එරෙහිව පිහිටුවාගෙන ඇති උන්ගේ රාජ්‍යය පෙරලා දමමු !!!!!

    • මැදමුලනෙ මුත්තා says:

      ගොං කතා කියන්න එපා. ලෝකයේ සෑම රටකම ව්‍යවස්ථාවල තියෙන්නෙ තවත් රටකින් උකහාගත් තොරතුරු. එහෙම නැතිව තමන්ගෙ රටෙිම නිර්මාණය කරපු ව්‍යවස්ථා නැහැ. ඉන්දියාවෙ, බංගලාදේශයේ, පකිස්තානයෙ, ඇමරිකාවෙ, රැසියාවෙ සහ චීනෙත් එහෙමයි.
      ආගමත් ඒවගේ ඉන්දියාවෙදි නිර්මාණය උන බුදුදහම ලංකාවෙ අපි අදහනවා. කතෝලික ආගම, ඉස්ලාමි ඒ සියල්ලම නිර්මාණය උන රටවල නොවන රටවල මිනිස්සුත් ඒ ආගමි අදහනවා.
      උඹ වගේ එකෙක් දේවානම්පියතිස්ස රජකාලේ හිටියනමි බුදුදහම එනවටත් විරැද්ධ වෙනවා.

    • ටිංටිං says:

      සීගිරි කියන එකේ ඇත්තක් තියෙනවා.මේක ව්‍යවස්තාවක් නෙමේ මහ ව්‍යසනයක්.නීතිපතියටත් මේක තේරෙන්නේ නෑ..අධිකරනයටත් විසදගන්න බෑ මේ හතරබීරි ව්‍යවස්තාව

  2. සීගිරි says:

    එංගලන්තයේ පිසාචයන් රැලක් එකතු වී සකස් කල “කූඨ ලියවිල්ලක්” රටක ව්‍යවස්ථාව හෙවත් මූලික නීතිය වශයෙන් පිලිගත හැකිද ? එවන් ජාතියකට වගතුවක් තිබේද ? එවන් ජාතියකට ආත්මයක් තිබේද ?

    • Roshan says:

      Umbala githrija da

    • Kaputa says:

      I thought that’s why there is a new constitutional committee was appointed

    • ඔය එකතු කරපු ගොඩට jvp එක එකතු කලේ නැත්තෙ T 56 භය හිතිලද…නැත්නමි ඩයස්පෝරාවෙන් ජරාව චුටිටක් කාලද…?..සීගිරි?

      • මයේ හිතේ says:

        ත්‍රස්තවාදී කණ්ඩායම් කිව්වම ජෙප්පන් ඇතුලත් වෙනවා මයේ හිතේ

        • sayumi says:

          ඔබ හරි. උනුත් එකයි මුනුත් එකයි කිව්වට ජෙප්පෝ ඒ ඔක්කොටම අන්තයි. බලයට එන කිසිම දැහිතකාමී ආණ්ඩුවකට හරියට රටට වැඩක් කරන්න නොදී අකුල් හෙලපු රටේ සම්පත් වනසලා කොල්ලෝ මරපු ජරාම පක්ෂය ජවිපෙ

    • මහරජ දුටුගැමුණු says:

      ඔබ තවම අඹුඩේ ගහගෙන සෙරෙප්පු සපත්තු නැතුව ජීවත් වෙනවා. ඇති නිකම් බොරුවට ද
      දොඩවන්න එපා මෝඩයෝ සුද්දා ගෙනාපු ටයි කෝට් දාන උඹගේ මගුල් පොටෝ ගෙදර අවොත් බලන්න පුළුවන් ඇති ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ සුද්දා ගෙනාපු බටහිර වෛද්‍ය ක්‍රමයත් අද එහෙනම් ඔබ එපා කියපන් සුද්දා පුවාහන එපා කියපන් සුද්දා හදපු වාහන එපා කියපන් සුද්දා හදපු කෝච්චි පාර කෝච්චි එපා කියපන් උඹ ගමන් බිමන් යන්නේ පයින් වෙන්නැති නේද බටර් කන්ඩ එපා පාන් කන්ඩ එපා සුද්දා හදපු gas cooker gas පාවිච්චි කරන්නත් එපා. පල ගොං හරකා යන්න

      • sayumi says:

        සුද්දාගේ නරක දේ ගැනීමයි වැරදි. හොඳ දේ ගත්තට එහි ඇති වරදක් නෑ. ඒත් සුද්දාගෙන් ලැබුණු මේ මල ඉලව් ව්‍යවස්ථාව අපට ගැලපෙන්නේ නෑ.ඒ නිසා සිගිරි කියන එකේ යම් ඇත්තක් තිබෙනවා. සුද්දට යටත් වීමට පෙර ,වඩුගයන් මේ රට පාලනය කල කාලයටත් පෙර වසර දසදහස් ගණනක් තිස්සේ මේ රට පාලනය වූ ක්‍රමයක් තිබෙනවා.ඒක එහෙම්මම අදට නොගැලපෙනවා වියහැකි වුවත්, එහි ආභාෂයත් ගෙන බුදුදහම පදනම් කරගත් අපටම සුවිශේෂී වූ ක්‍රමයකට අප දැන් යායුතුව තිබෙනවා.

    • මර්වින් සිල්වා says:

      යකෝ සුද්දො ඉන්න ඉස්සෙල්ල අපිට ව්‍යවස්ථාවක් කියල දෙයක් තිබුනෙ නැහැ.ඉතිහාසය කියවල බලපං.තිබුනෙ රාජාණ්ඩු. රජා තමයි රටෙි පාලකයා. ප්‍රජාතන්ත්‍රවාදී ජන්ද නැහැ.එකෙක් මරල තව එකෙක් රජවෙනවා. සීගිරි කාශ්‍යප තාත්තා මරල රජඋනා. අයිය මරල මල්ලි රජඋනා. රජා මරල දොරටුපාලය රජඋනා. කිසිම නීතියක් රීතියක් ව්‍යවස්ථාවක් නොතිබුන නිසා කීප දෙනෙක් සෙටිවෙලා උඩරට ගිවිසුම ගහල ශ්‍රීලංකාව සුද්දන්ට පාලනය කරන්න දුන්නා.
      සුද්දො කරපු හොඳ දේවල් හොඳයි කියපං. උන් තමයි අපට ව්‍යවස්ථාවක් හඳුන්වල දුන්නෙ. උන් නාවනමි අපි තවම වනචාරියො.

  3. අංකූරා says:

    සීගිරි, තමුසෙ ඔය බනින්නෙ ජවිපෙට නේද?.

  4. Kadiya says:

    බලයේ උල්පත ජනතාවද එහෙම නැතිනම් විදේශ බලවේගද, නැතිනම් මුදල්ද කියන එක හරියට තෝරානොගෙන කඩදාසිවල තියන වචන වලට අර්ථකථන දීම අවසානයේ රටම අවුල් ජාලයක් වීමට හේතුවෙනවා. මේ අවුල නිර්මාණය කිරීම තමුන් ලැබූ කොන්ත්‍රාත්තුව ඉටුකරමින් සිටින කරුම ජඩසුරිය විසින් කරමින් සිටිනවා.

  5. රටවැසියා says:

    විශ්වාස භන්ගයක් දිනවන්න නම් චන්ද 113 ක් හෝ ඊට වැඩි ගනනක් විශ්වාස භන්ගය කැදවන වෙලාවෙ පාර්ලිමෙන්තුවෙදි අරන් පෙන්නන්න ඕනෙ. ඊයෙ පාර්ලිමෙන්තුවෙදි එහෙම චන්ද ගනන් කිරීමක් උනාද? කතානායකය චන්ද ගනන් කලේ නැතිනම් ඒක වලංගුද? මෙම පාර්ලිමෙන්තු චන්ද ප්‍රෝඩාවටත්, ව්‍යවස්තා විරෝදීව හැසිරෙන කතා නායකයටත් විරුද්දව උසාවි යන්න බැරිද?

Main News