අදත් කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් හමු විය හැකියි..

April 21, 2020 at 3:14 am | lanka C news
අදත් කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් හමු විය හැකියි..

අද දිනයේද කොරෝනා ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වීමට ඉඩ ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

කොරෝනා යයි සැකයෙන් කන්දකාඩුව නිරෝදායන මධ්‍යස්ථානය තුල රඳවා සිටින පුද්ගලයන් පිරිසකගේ ජීව සාම්පල පරීක්ෂණ ප්‍රතිඵල අද දිනයේ නිකුත් වන බවද ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් මෙම පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින නිසා සමාජ පැතිර යාමක් නොවන බවත් ඔහු පැවසීය.

කොළඹ කෙසෙල්වත්ත ප‍්‍රදේහයේදීද සිදුවූයේ එවැන්නක් බවත් නිරෝධායනට ලක් කර සිටින පිරිසකගේ කරන ලද පරීක්‍ෂණ අනුව ඊයේ දිනයේ ඉහල ආසාදිතයන් ප‍්‍රමාණයක් හමු වූ බවද ඔහු සදහන් කලේය.

209 views

7 Comments to “අදත් කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් හමු විය හැකියි..”

  1. thus says:

    වෛරසය තව දුරටත් පැතිර යාම වැලැක්වීමට නම් දැඩි මානසික විප්ලවයක් කලයුතු වෙනවා එනම් නිරෝධායනයට ලක්කරන පුද්ගලයන්ට දින 14 කට පසුව නිකුත්කරන නිරෝධායන සහතිකය මාස 2 කට පමණ පසුව නිකුත් කිරීමටත් ඒ අතර කාලය තුල මොවුන් සමාජයේ පීඩනයට, ගැරහීමට ලක්වන පිරිසක් බවට පත්කල යුතුවෙනවා, ඒ වගේම මොවුන් සිරගතවුන් සමාන හෝ ඊටත් ඉහලගිය පීඩනයකට පත් කල යුතුවෙනවා සමාජයේ සිටින නිරෝගී පුද්ගලයන් වීරයන් ලෙස සැලකීමටත් මෙපන දැනුවත් කර තිබීයදී යම් පුද්ගලයෙක් රෝගියෙකු බවට පත් වන්නේ නම් ඒ ඔවුන්ගේ නොසැලකිල්ල නිසා පමණක්ම සිදුවන බැවින් නොසැලකිල්ල නීතියාණුකූලව දඩුවම් ලැබියුතු වරදක් ද වන බැවින් රෝගී වෙන පුද්ගලන් දැඩි දුෂ්කර තාවයනට ලක්කලයුතු වෙනවා ඒ වගේම ඔවුන්ගේ නම් ගම් පවා ප්‍රසිද්ධියට පත්කර සමාජයේ ගැරහීට ලක්කල යුතු වෙනවා.වාර්ථාකරනයේද සබුද්ධික තාවයක් ගොඩනැගිය යුතු වෙනවා.

    • උදාර says:

      මිත්‍රයා
      Social stigma ඇති වීම වළක්වා ගැනීම තමයි කල යුතු දේ.
      ඔබ සඳහන් කළ පරිදි කටයුතු කලහොත් Social stigma ඇති වීම වළක්වා ගත නොහැකි වේ.
      ස්තූතියි.

  2. Lanka says:

    Ethakota unta lankaww neweyida? korona nadda?

  3. ගයිබොන්ස් says:

    එතකොට ලංකාව කොරෝනා පාලනයෙන් ලෝකයේ 09 තැනට ආපු අපේ තත්වෙට මොකද වෙන්නෙ?

  4. සර්වබලධාරි කොවිඩ් says:

    බාර් ඇරලා
    පන්සල් පල්ලි කෝවිල් වහලා
    උන්වහන්සෙලා ශ්‍රී මුඛය වහලා නොදැක්කා වගේ ඉන්නවා
    සර්වබලධාරි කෝවිඩ් බොරැවේ මිත්‍යාවේ රෙදි ගලවා ඒවා මුහුණට අන්දවලා

    • Rata Wenuwen says:

      කෝ ඔය කියන සර්වබලදාරි දෙයියා මැයුම්කාරයා ඇයි එයාට බැරි කොරෝනාවට තිත හියන්න. ගජබින්න අලන්කාරයේ දෙයියා නිදිද

  5. Nishantha says:

    Yes, many absolutely ignorant people who are rich might misuse that quarantine certificate. Please wait for one month time to issue it