අදත් පරාදයි.. ටෙස්ට්, එක්දින සියල්ල සමග පූර්ණ තරගාවලි පරාජයකින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හේදී යයි..

September 6, 2017 at 11:01 pm | lanka C news
අදත් පරාදයි.. ටෙස්ට්, එක්දින සියල්ල සමග පූර්ණ තරගාවලි පරාජයකින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හේදී යයි..

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති 20-20 තරගයෙන්ද ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුළු 07ක පරාජයක් ලැබීය.

ශ‍්‍රී ලංකාව මුලින් පන්දුවට පහර දී පන්දු වාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 171ක් ගබා ගත් අතර ඉන්දීය පිල කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 174ක් ලබා ගත්තේ පන්දු වාර 19.2කදීය.

ඒ අනුව ටෙස්ට් තරග තුනක්, එක්දින තරග පහක් සමග සමස්ථ තරගාවලියම තම රටේදීමට ශ‍්‍රී ලංකාව පරාජයට පත් විය.

34 views
Main News