අදත් පාර්ලිමේන්තුව ගිණියම් වෙයි.. අරුන්දික කතානායක පුටුවේ අසුන් ගනී..
November 16, 2018 at 1:20 pm | lanka C news
අද පාර්ලිමේන්තුව ආරම්භයට පෙර පැවති පක්ෂ නායක හමුවද දැඩි උණුසුම් කාරී ස්වභාවයක් ගෙන තිබේ.
එම රැස්වීමෙන් ආණ්ඩු පක්ෂ පිරිස ඉවත්ව ගොස් ඇත.
සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කරන්නේ පසුගිය දින දෙකේ ආකාරයටම කතානායකවරයා කටයුතු කිරීමට සූදානම් වන බවයි.
පක්ෂ නායක රැුස්වීමක් කීවත් එය සැබැවින්ම කතානායකවරයා එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය සමග කරන කුමන්ත්රණයක් යයිද ඔහු කීවේය.
ඊට විරෝදය පල කරමින් තම කණ්ඩායම ඉන් ඉවත් වූ බවත ඔහු සදහන් කරයි.
ආණ්ඩු පක්ෂ මන්ත්රී අරුන්දික ප්රනාන්දු කතානායක පුටුවේ අසුන් ගෙන ඇති බවද වාර්තා වෙයි.
මුන් සේරම එකතු වෙලා මේ කෙලෙසන්නේ ලංකාවේ ගෞරවේ නේද